Colombo Beacon නිසදැස්

ගිමත් කාර්තුවක

Written by kasuni sankalpana

අනාරාධිත ප්‍රේමයේ හිස්තැන් මැකූ
ආරාධිතම විරහව…
අපරිමිත හීනවල නිමැවුමින් පසුව
ආගන්තුක ස්නේහයක හිමිකරුයි, 

සිව්වසර සරසවිය…
රීඩ්මග මංසලක මියැදී පෙම් සිහිවටන…
ඉගිල්ලී සැඟවුණා
සුළඟකින් කොළොම්තොට… 

කාලයේ අවසරින්
ස්නේහයේ අවනඩුව
පොළොව මත වැළලුවා
නිදන්කොට කඳුළු කැට…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

kasuni sankalpana

Leave a Comment