නිසදැස්

ගෙදර බුදුන් නොහදුනන අපි, නිවනට තව හුඟාක් ඈතයි…

ගියේ වයසට
අපේ කරුමෙට..
දරු මල්ලෝ ටික
ඇත කොලොම්තොට..!

උන්ගේ දරු
පැටව් ටික අද..
ප්‍රීතියෙන් ඇති
වෙසක් සිරියට..!

අපේ උන්දැත්
එක්ක මේ මම..
ස්ටේසමට වී
තනිපංගලමේ ඇත..!

දමා ගිය තැන
අරන් යනතුරු…
මග බලන් අපි
ඇස් රිදෙන තුරු..!

තරහ මොකටද
පුතේ උඹ ගැන..
වරෙං විගහට
එක්ක යන්නට..!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමත් පියුම් සුරාජ්

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment