දූලි නැගෙනා වලාවන් – මෑත් කර හොරැහින්
බලාපන් වැහි දෙයියනි – යුධ ගින්න ඇවිලී තදින්
වතුර බිදුවට ලොබින් – මරනවා මැරෙනවා අමුවෙන්
මිනී කඳු ලේ මැදින් – සන්තාප යනවා ගලමින්
වැහි කෝඩ තදකරන් – හිතළු තෙරපෙනවා තදින්
ඉරි තැලුණු පොළොවින් – කදුළු මොරදෙනවා හෙමින්
ගලන ඝාසා තීරෙන් – ඉකිබිඳුම් ඇහෙනවලු තදින්
බෙදාගන්නට බැරිම ද – එක්වෙලා සිත් සාමෙන්
අහෝ වැහි දෙවියනි – තදින් වැහැපන් හෙමින්
මොකද කවුරුත් කියනවා – පොළොවට රිදෙනවලු තදින්
නෙත්මි අමායා
පළමු වසර
නීති පීඨය
Leave a Comment