බ්‍රිතාන්‍ය පාලකයන්ගේ යටත් විජිතභාවයෙන් මිදී අපේ රටට නිදහස ලබාගත්1948 පෙබරවාරි 04 වන දින සිහි කරනු වස් සෑම වසරකම පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් දිනය ලෙස සමරනු ලබයි.මෙකී නිදහස ලබාගැනීමට වීර කැප්පෙටිපොළ පටන් ඩී.එස්.සේනානායක මහතා දක්වා වූ ආදි විරුවන්ගේ ලේ බිඳු අනේක වාරයක් මේ දෙරණ සිපගන්නට ඇත.එසේ සටන් කොට විදෙස් ග්රහණයෙන් මිදී ලබාගත් නිදහස යළිත් ලක්වැසියන්ට අහිමි වූ මෑත අතීතයක මතකයන් වත්මන් පරපුර නියෝජනය කරන ඔබටත් මටත් කිසිදා අමතක නොවනු ඇත.එනම්, ත්රස්තවාදයට ගොදුරුව දශක තුනකට ආසන්න කාලයක් පීඩා විඳීමට මෑත ඉතිහසයේ අපට සිදු වූ බැවිනි.පෙර කී විරුවන් සටන් වැද ලැබූ නිදහස ගැන කුඩා කළ පටන් අසා තිබුණද,නිදහස යන්නෙහි සැබෑ අර්ථයත් එහි වටිනාකමත් අපට වඩාත් අවබෝධ වන්නේ මීට වසර 9කට පෙර එකී මිලේච්ඡ ත්‍රස්තවාදයෙන් ලක්දිව මුදවාගත් මොහොතේ බව පැවසුවොත් නිවරැදිය.
ජාතික නිදහස සමරන මෙවන් සමයක නිදහස් දිනයේ ඉතිහාසයේ ගැන ඔබට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනු ඇත.මෙම ලිපිය හුදෙක් නිදහස් දිනයේ ඉතිහාසය මතක් කිරීමට ලියන්නට අදහස් නොකරමි.එබැවින් නිදහස ලබගත් රටක් ලෙස අප කෙතරම් දුරක් පැමිණ ඇත්දැයි විමසා බලමු. නීත්‍යානුකූලව ශ්‍රී ලංකාව නිදහස ලබාගත් බව සැබෑය.එය වචනයේ පරිසමාප්තියෙන්ම නිදහසක් වීමට නම් කායිකව මෙන්ම මානසිකව අප වහල් බවින් මිදිය යුතුය.නිදහස ලැබූ ජාතියක් ලෙස තවදුරටත් අප මනසින්වත් කිසිවෙකුට වහල් විය යුතු නැත.වර්තමානයේ අප ශ්‍රී ලාංකිකයන් ලෙස කල්පනාකාරීව සිතිය යුතු කරුණ නම්, නිදහස ලබා වසර 70ක් ගතවන මොහොතේ අපගේ දේශය පවතින්නේ ලොව කොතැනද යන්නයි.තවකෙකුගේ අණසකින් මිදුණු මොහොතේ පටන් අප කළ යුතුව තිබුණේ අපගේ ස්වාධීනත්වය හා දේශීය අනන්‍යතාව රැකගෙන රට ඉදිරි සංවර්ධනය කරා රැගෙන යාමයි.වසර 70ක් ගතවූ පසුවත් එදා අපේ විරුවන් බලාපොරොත්තු වූ මට්ටමේ සංවර්ධනයක් කරා නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් ලෙස තවමත් ළඟා වී නොමැති නම් තව දුරටත් ප්‍රමාද නොවී එකී අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමට කටයුතු කිරීමට කාලය එළැඹ ඇත.එදා අපේ මුතුන්මිත්තන් සටන් වැද, මෙදා අපේ රණවිරුවන් ලේ හෙළා දිනූ නිදහසේ වටිනාකම වැඩි වන්නේ සැබෑ තිරසාර සංවර්ධනයක් කරා රට ගමන් කරනා විටදීය.
කෙසේ වෙතත් දිනූ නිදහස වඩාත් අර්ථවත් වීමට නම් ජාතික සමගිය ද පැවතිය යුතුමය.ජාති, ආගම්,කුල ආදී වශයෙන් බෙදී කටයුතු කළා නම් අද අප උජාරුවෙන් සමරන නිදහස දිනාගැනීමට එදා අපේ විරුවන්ට වුවද නොහැකි වන්නටද ඉඩ තිබිණි.අප ලබාගත් නිදහස හුදෙක් එක් ජාතියකට හෝ එක් ආගමකට හිමි වූවක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ට හිමි වූ නිදහසකි.එබැවින් 70 වන අභිමානවත් නිදහස සමරන මේ මොහොතේ අපගේ ඒකායන අරමුණ විය යුත්තේ සමගි සම්පන්න ශ්‍රී ලාංකිකයන් ලෙස එක්සත්ව එක්සිත්ව සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැඟීමට කටයුතු කිරීමයි.
வல்லரசுகளின் வாய்பேச்சிற்கு வசப்பட்டு வால் பிடித்த காலம் மலையேறி விட்டது!!!
தொலமியின் தொல்பொருள் ஆய்வில்கூட தொலைந்து போகாத இலங்கையை,
இன, மத ஆயுதம் கொண்டு,
இம்சித்து அழிக்காமல்
சிகரத்தில் ஏற்றி வைக்க ஒன்றாய் கைகோர்ப்போம்
இச்சுதந்திரதினமதில்!
அன்னையின் பாரமோ சுமந்து பெற்றதோடு குறைந்தது – அழுகுரல் கேட்டவுடன் உன்னை அணைத்து தாங்கியதே இந்தத் தாய்மண் – இளைஞனே!
நம் நாட்டின் நாளைய நட்சத்திரம் நீ!
சமூகச்சங்கிலியில் நீயும் ஒரு துளி!
புனித தாய் மண்ணை உயிர்ப்பிக்க நீ!
நாமிருக்கும் நாடு நமதென அறிவோம்!
Leave a Comment