විශේෂ දිනයන්

ජාතික රණවිරු සැමරුම් දිනය

Written by Colombo Beacon

හිත රිදෙන තැනක් ආයෙමත් පෑරෙන තරම් ම හිත රිදෙන දවසක්…අද නිදහසේ මට ඒ ගැන කල්පනා කරන්න ඉඩක් තිබුනට එදා නිදහසේ කල්පනා කරන්න වත් මට තිබුනේ නෑ වෙලාවක්.වටපිටාවේ හමුවෙන මනුස්සයෙක් දිහා බලලා අව්‍යාජව හිනා වෙන්න බැරි තරම් ම හැමෝම දිහා මම බැලුවේ සැකයෙන්.බස් එකට නැග්ගේ , ගමනක් බිමනක් ගියේ,එහෙම ගියපු කෙනෙක් එනකන් ම බලන් හිටියේ වචන වලට පෙරලුනේ නැති වේදනාවකින්…

හ්ම්ම්…අද මැයි දහ අට…ජාතික රණවිරු සැමරුම් දිනය..අද වගේ දවසක මතක් කරන්න මතක් වෙන අය බොහෝමයි.ඔව්..මේ ලේ,ඇට,මස්,නහර වලින් හැදුනු අපි වගේ ම තරුණ තරුණියෝ ලේ හළලා ,දිවි පුදලා බේරගත්ත රටක්…!!!

සදාකාලිකව ම අපේ රට වෙනුවෙන් තමන්ගෙ අත, පය , විතරක් ම නොවේ ඇස්,ඉස්,මස් පූජාවෙන් කුරිරු එල්.ටී.ටී ත්‍රස්ථවාදීන්ට එරෙහිව සටන් කරලා නිදහස් කර ගතපු රටක වැලි කැටයක් ,කැටයක් ගානේ අපි ණයයි අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් ට.ඔහුන් ව මෙහෙවපු ගෞරවනීය පාලකයන් ට.

රතු පාට පොපි මලක් අපේ හදවතේ ගැඹුරුම කොනක තාවත් පිපෙනවා ඒ වගේ වීරෝධාර මුර දේවතාවෝ වෙනුවෙන්.ඇත්ත..අපි ට ජාතියකට එරෙහිව තිබුනේ නෑ ගැටුමක්…ඒත් අපිට තිබුනා යුද්ධයක් මව්බිමේ ස්වෛරීභාවට වින කල සතුරෝ එක්ක විතරක්. දැන් අපිට අයිති බිහිසුණු අඳුරු යුගයක් නිමා කල , ඒ අළු ගසා දාලා නැඟිටින පශ්චාත් යුධ සමයක්…!!! දැන් අපිට ඕන අපේ රට වෙනුවෙන් එකාවන් ව වැඩ කරන ප්‍රේමවන්තයෝ විතරයි.දිනාගත් දේශයකට දැන් ඕන වෛරය තිබුනු තැනට ආයෙමත් ආදරය…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment