ජීවිතය ගැන තේරෙන වයසෙ ඉදලා අපිට එක එක විදියෙ සිතිවිලි පහළ වෙනවා. පුංචිම කාලෙ නම් ජීවිතය ගැන කිසිම හැගීමක් තිබුෙණ නැහැ නේද… ඒත් ටික ටික ලොකු වෙද්දි නොයෙකුත් අවස්ථාවන්ට මුහුණ දෙද්දී අපිටත් නොදැනීම දාර්ශනික අදහස් පහළ වෙනවා.
දරා ගත නොහැකි තරම් දුකක් දැනුනු විටක සමහර විට පොඩි කරදරයකදි වුණත් ජීවිතය කියන්නේ හරිම කටුක අත්දැකීමක් කියලා දැනුනු වාර අනන්තවත් අැති. ඒ වෙග්ම ලොකු සතුටක් අැති වුණොත් අපි හිතනවා ජීවිතය කියන්නේ පුදුම සුන්දර අත්දැකීමක් කියලා.
අැත්තටම මේ එකම වචනයක අර්ථය අපි වෙනස් කරන අයුරු හරි පුදුමයි.ඒක අපි හිතන විදිය. මොන දේ වුනත් අපිට අපේ සිතුවිලි මධ්‍යස්ථව තියාගන්න පුළුවන් නම් ජීවිතය හැමදාම සුන්දරයි.
අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මැඳුම් පිළිවෙත ගොඩක් ප්‍රශ්න වලට නියම විසඳුමක්.ඒත් පෘථග්ජන අපි ඒ පිළිවෙතින් ගොඩක් අෑතයි. ඒ වගේම ජීවිතය සරළ වෙන තරමට අපිට ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්. නමුත් ජීවිතයට අරමුණු තිබිය යුතුයි. යහපත් අරමුණු ජීවිතය ජයග්‍රහණය කරා ගෙන යනවා.

ජීවිතය ගත කරද්දී ඕනෑම පුද්ගලෙයක් උනන්දු වෙනවා අනෙකාට වඩා ඉහළින් වැජෙඹන්නට. ඒ මානසිකත්වය මගේ අදහසට අනුව නම් ඒ තරම් සුදුසු නැහැ.මා අසා අැති පරිදි නිතරම තමාම තමයි තමන්ගේ තරඟකරු විය යුත්තේ. ඊයේ ජීවත් වූ මට වඩා අද මට වැඩි යමක් කළ හැකි නම් එය සාර්ථකත්වයට නියම අඩිතාලමක් විය හැකියි.
ජීවිතය ගැන ඕනෑතරම් අර්ථයන් අපිට අන්තර්ජාලෙය් හෝ පොත් පත් වලින් හෝ ඕනෑම කෙනක් ගෙන් අසා දැන ගත හැකියි. නමුත් තමා වටහා ගන්නා දේයි අැත්තටම අර්ථවත් වන්නේ. බාහිර රූපය මත සියළු දේ පදනම් වන වර්තමාන සමාජය තුල සරලව ජීවත් වීම සංකීර්ණ තත්ත්වයක් වී හමාරයි. නමුත් අපිට හදවතින්, සිතින් සරල විය හැකිය. තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නිවැරදි උත්සාහයක් ගත යුතුය. නමුත් මගේ අදහස නම් ජීවිතයේ සියල්ල එක් දෙයක් මත පදනම් නොවිය යුතුය. එක් දොරටුවක් වැසේ නම් තවත් දොරටුවක් විවර වන බව සිතිය යුතුය.
ජීවිතය පිළිබද යම් අදහසක් ඕනෑම අයෙක් තුළ පවතී. එම වටහා ගැනීම අර්ථාන්විත වන්නේ නම් ඕනෑම අයෙක්ට සුන්දර ජීවිතයක හිමිකරුවෙක් විය හැකි බව නොඅනුමානය.
Leave a Comment