නිසදැස් සාමාන්‍ය

ජීවිතය

පොතක්
නිමක් නැති පිටු සියක් ගණනක් 
එක්කාසු වුන පොතක්,

පටුනවත් හරි හැටිව නොදැනිම
ලියාගෙන යන පොතක්,

හමා ආ සැඩ සුළං හමුවේ
පෙරලිලා යන පිටුද එක්කොට
අතීතය ආවර්ජනා කරනා
මතකයන් පිරි පොතක්,

ඉගෙනගත් දෑ බොහෝ අතරේ
මගහැරුනු තැන් තවම සොයනා
තෙලිතුඩින් හැඩ දමා ලියවු
මකන්නට බැරි පොතක්,

තිතක් තබමින් අවසනක් පැතුවද
කොමාවක් මතුසම්බන්ධ කරවන
ළයෙහි සිරවූ සුසුම් යන තුරු
ඔබට කියවිය නොහැකි
මා ද නොකියු පොතක්
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රශ්මි තරංගා

හෙද පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment