දැනුම

ඩුගා රේඩාර් පද්ධතිය

සීතල යුධ සමයට අයත් තවත් එක අමුතු තාක්ෂණයක් තමයි මේ.මේක පිහිටලා තියෙන්නේ වර්ථමාන යුක්‍රේනයට අයිති ප්‍රසිද්ධ චර්නොබි බලාගාරය ආසන්නයේ.මේක ඩුගා කියන නමින් තමයි හැදුන්වුනේ ඒ කාලෙ. OTH(Over the Horizon) වර්ගයෙ රේඩාර් පද්ධතියක් තමයි මේක.

ඇමෙරිකාවෙන් එන්න පුලුවන් මිසයිල ප්‍රහාරයක් පිලිබද කලින්ම අනතුරු අගවීමට තමයි මේක මෙයාලා හදන්නේ.1976 ඉන්දලා 1989 වෙනකල්ම මේ පද්ධතිය  ක්‍රියාමාත්මක  වෙලා තියෙනවා.1960 දශකයේ ඉන්දලම තාක්ශණය භාවිතා කරලා තියනවා.මේවගේ තවත් එක පද්ධතියක් සයිබීරියාවෙත් තිබිලා තියෙනවා.

මේ රේඩාර් පද්ධතියේ ඇන්ටනාවයි රිසීවරයි එකිනෙකට විශාල දුරකින් තමයි පිහිටලා තියෙන්නේ.එකකට එකක් 60km  පමණ ඈතින් තමා තිබුනා කියන්නේ.

දැන් බලමු මේ මොකද්ද කියලා,සාමාන්‍ය රෙඩාර් පද්දතියකට වඩා මෙ පද්දතිය ගොඩක් වෙනස්.සාමානය රේඩාර් පද්ධතියක නිරීක්ෂන කල හැකි දුර ප්‍රමාණ්ය සීමිත වෙනවා භූමියේ පිහිටීම හා පෘථුවියේ වක්‍රතාව හෙතුවෙන්.මේ ගැටලු නිසා මොනයම් හෝ ආකාරයක ප්‍රහාරයක් ගැන සීමිත වෙලාවකට කලින් තමයි දැන ගන්න වෙන්නේ.මේ ගැටලුව නිරාකණය කරගැනීමේ අරමුනෙන් තමයි මේ පද්ධතිය නිර්මාණය  කරන්නෙ.

මේකෙදි පෘතුවියේ වක්‍රතාව නොසලකා කටයුතු කරන්න හැකියාවක් ලැබෙනවා.ක්ශිතිජයට ඉහලින්  නිකුත් කරන කෙටි තරංග මාලාව වායුගෝලයේ,අයන ගෝලයෙ වැදිලා පරාවර්තනය වීමකට ලක් වෙලා නැවත පෘතුවියට එනවා.ඒ එන තරංග මොකක් හරි බාධකයක ගැටුනම නැවත පරාවර්තනය වෙලා අයන ගෝලයට ගිහින් එතනින් ග්‍රාහකය වෙත ගමන් කරනවා ඕක තමයි මේකෙදි භාවිතා වුන සංකල්පය.මේකෙදි ලැබෙන දත්තවල නිරවද්යතාව ගොඩක් අඩුවීම හා පද්ධතියේ සුවිශාල බව ලොකු ගැටලුවක් වුණා.අඩි 480ක් උස අඩි 2400ක් දිග මේ ඇන්ටනාව,යෝද තාප්පයක් විදිහට තමයි පෙනුනේ.

මේකෙදි භාවිතා කරපු අති ප්‍රභල තරංග නිසා ලෝකයේ බොහෝ ප්‍රදේශවල රේඩියෝ තරංග සම්ප්‍රෙශනයට බධා ඇති වුණා.මේකෙන් ආපු තරංග හේතුවෙන් රේඩියෝ වලින් “ටක් ටක් ටක්” කියන සද්දයක් ඇහෙන්න ගත්තා.මේක කොට්ටෝරුවෙක් කොටන සද්දෙට සමාන නිසා මේකට රුසියානු කොට්ටෝරුවා කියලා තමයි හැදින්නුවේ.මෙ සද්දෙත් එක්ක මේක ගැන හොයන්න පෙලඹුනාම මේක එන්නේ යුක්‍රේන්නෙ පැත්තෙන් කියල හොයගත මේක ගැන අමුතු කතා හැදෙන්න පටන් ගත්තා වෙනදා වගේම මේකෙන් මිනිස්සුන්ගේ මනස පාලනය කරනවා කිව්වා.මේකෙන් කාළගුණය පාලනය කරනවා කිව්වා.

කොහොමහරි 1960 දශකයේ පටන් ගත්ත මේ සද්දේ 1989 වගේ වෙනකොට නැති වෙලා ගියා.ඒ වෙනකොට චන්ද්‍රිකා තාක්ශණය මගින් වඩාත් නිරවද්‍ය තොරතුරු ලැබුන නිසා මේක වහලා දානවා.පස්සේ සෝවියට් රුසියව කඩා වැටීමත් එක්ක් මේක ගැන එලි වුනා.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්දික සඳපා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment