එක දිගට පැයක් විතර පාඩම් කරන්න පට්ට අමාරුයි නේද?
අලුත් වැඩක් පටන් ගන්න හිතෙන්නෙ නෑ නේද?
ඒත් film එකක් බලන්න game එකක් ගහන්න එක දිගට පැය ගානක් උනත් පුළුවන් නේද? ඇයි මේ? නිකමටවත් හිතුවා ද?
සමහරු අහලාත් ඇති. සමහරු අහන්නෙත් අද වෙන්න ඇති.
‘මොනවා ද මේ ඩෝපැමීන්? පළමුව මන් සඳහන් කරපු, අපි හැමෝටම පොදු දේවලුයි, මේකෙයි තියෙන සම්බන්ධය මොකක්ද?’
සමහරවිට දැන් ඔයාලා හිතනවාත් ඇති මෙහෙම…
හරි අපි දැන් ඒ ගැන කතා කරමු.
ඩෝපැමීන් කියන්නේ අපේ මොලයෙන් ශ්‍රාවය වන ස්නායු සම්ප්රේක්ෂකයක්.
ඇත්තටම අපි එදිනෙදා කරන පොඩි හරි ප්‍රතිලාභයක් ලැබෙන ඕනෙම දෙයකදි ඩෝපැමීන් ශ්‍රාවය වෙනවා. මේ ඩෝපැමීන් නිසා තමයි අදාළ කාර්යය කරන්න උනන්දුවක් වගේම උත්ප්‍රේරණයක් ලැබෙන්නෙ.
ඇත්තටම ඔබ හිතන්නෙ අපිට කන්න ඕනෙ වෙන්නෙ බඩගින්න නිසාම විතරක්ද? අපිට වතුර බොන්න ඕනෙ වෙන්නෙ තිබහා නිසා විතරක්මද?
ඇත්තෙන්ම නැහැ. ඒ විතරක්ම නෙවේ. ඩෝපැමීන් කියන සංයෝගයත් මේ තැන්වලදි ගොඩක් උපකාරයක් කරනවා. මේ වගේ එදිනෙදා වැඩ සාර්ථකව කරන්න ඩෝපැමීන් සෑහෙන්න උදව්වක් කරනවා.
කිසියම් කාර්යයක් සිදුකිරීම හා එහි ප්රතිලාභ ලැබීමට ගතවන කාලය අනුව ශ්‍රාවය වන ඩෝපැමීන් ප්‍රමාණය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට අපි ගොඩක්ම කන්න කැමති කොත්තුවක් , ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවම , අපි බලන්න කැමතිම ටීව් සීරිස් එකේ ඊළඟ එපිය බැලුවාම ඩෝපැමීන් විශාල ප්‍රමාණයක් ශ්‍රාවය වෙනවා,මොකද ඒවගෙ ප්රතිලාභ අපිට එවෙලෙම ලැබෙන නිසා.
ඒ වගේම විභාගයක් සමත් වෙන්න කියල හිතාගෙන පාඩම් කරාම , බර අඩු කරගන්න කියල හිතාගෙන ව්‍යායාම කලාමත් ඩෝපැමීන් ශ්‍රාවය වෙනවා හැබැයි ඒ ටිකයි, මොකද ඒ කාර්යයන් දෙකේදි ප්රතිලාභ ලැබෙන්න සෑහෙන කාලයක් ගතවෙන නිසා.
ඉතින් මේ විදියට ඩෝපැමීන් වැඩියෙන් ශ්‍රාවය වෙන දෙයක් හා අඩුවෙන් ශ්‍රාවය වෙන දෙයක් අතුරින් අපේ මොලය ආසයි ඩෝපැමින් වැඩිපුර ශ්‍රාවය වන දේවල් පැත්තට යන්න; ලැබෙන ප්‍රතිලාභය අහිතකර වුනත්. අන්න ඒක තමා මන් අර මුලින්ම ඇහුව වගේ ෆිල්ම් බලන, ගේම් ගහන වගේ දේවල් කම්මැලිකමක් නැතුව පාඩම් කරනවට වඩා උනන්දුවෙන් කරන්න පුළුවන් .
එතකොට මේකට විසඳුම මොකක්ද ?විසඳුම් කීපයක් අතුරින් සාර්ථක ප්‍රායෝගික විසඳුම් දෙකක් මම ඉදිරිපත් කරන්නම්.
පළවෙනි විසඳුම තමයි සතියේ එක් දවසක් තෝරගෙන මේ වගේ වැඩි ඩෝපැමීන් ප්‍රමාණයක් ශ්‍රාවය වන වැඩ එකක් හරි පුළුවන් නම් ඔක්කොම හරි ඒ දවසෙ ඇතුළත නොකර ඉන්න එක. මේකෙදි සිද්ධ වෙන්නෙ වැඩි ඩෝපැමීන් ප්‍රමාණයකට හුරුවුනු ඩෝපැමීන් ප්‍රතිග්‍රාහක ප්‍රකෘති තත්වයට ගෙනල්ලා අඩු ඩෝපැමීන් ශ්රාවයක් වෙනුවෙන් අපව හුරුකරන එක.
දෙවනි විසඳුම මේකයි; දවස පොඩි පොඩි කොටස් වලට බෙදා ගන්න. ආහ්.. මේක සාමාන්‍යයෙන් හිතන් ඉන්න… හැමෝම කරන්න කියල නිතරම කියන.. යල් පැන ගිය.. පාඩම් වැඩ ගොඩක අතරමං වුනු..සුපුරුදු TIME TABLE එක නම් නෙවේ.
මේකෙදි වෙන්නෙ BLACK and WHITE works මාරුවෙන් මාරුවට තියෙන කාල සටහනකට වැඩ කරන එක. ඒ කිව්වෙ තමන් පට්ට ආසාවෙන් කරන්න කැමති ෆිල්ම් බලන, ගේම් ගහන වගේ වැඩයි ජීවිතේට ඵලදායී වන කරන්න ටිකක් කම්මැලි හිතෙන පත පොතේ වැඩයි මාරැවෙන් මාරුවට තියෙන විදිහට Time Table එකකට. මේකේදි කරන කිසිම වැඩකට පැයකට වඩා කාලය වෙන් නොකර ඉන්න වගබලාගන්න. අපේ ඩෝපැමීන් තියරිය අනුව මේ plan එක ෂුවර් හරියනවා ; Try කරල බලන්න. වෙනසක් දැනේවි.
– නිමි-
ඩෝපැමීන් ගැන විස්තර මෙතනින් ඉවරද? නෑ. ඩෝපැමින් කියන්නෙ පුළුල් කතාවක්.
එහෙනම් අද මාතෘකාවෙ අඳුරු පැත්ත, ” *ඩෝපැමීන් – මත්ද්‍රව්‍ය – ඇබ්බැහිය*…….. එක්ක තවත් සටහනකින් හමුවෙමු.
Leave a Comment