සාමාන්‍ය

තනමල්විල කොල්ලෙක්

මේ දිනවල ITN මාධ්‍ය ජාලය තුලින් විකාශය වන කාගේත් කතාබහට ලක් වෙලා තියන ටෙලියක් තමයි තනමල්විල කොල්ලෙක් කියන්නෙ. සති අන්තයේ රාත්‍රි 8 ට තමයි ඉතින් මේක විකාශනය වෙන්නෙ. සහෝදරයා,කූඹියො ටෙලිවෘතාන්ත වලට පස්සෙ කාගේත් මුව රැඳුන ටෙලියක් තමයි තනමල්විල කොල්ලෙක් කියන්නෙ. ඒ වෙනුවෙන් fan base බිහි වෙන්න තරම් මේ ටෙලියත් ප්‍රේක්ශක හදවත් දිනාගෙන අවසන්. ෆාහීම් ම්වුජීඩ් සිය නිෂ්පාදන දායකත්වය ලබා‍ දෙයි. කවුරුත් හදුනන රංගන ශිල්පි රොශාන් රවීන්ද්‍ර මෙහි අධ්‍යක්ශන කටයුතු සිදු කරන්නේ සිය කුලුදුල් අධ්‍යක්ශන කර්තව්‍යය සිදු කරමිනි. රංගන ශිල්පියෙකු ලෙස ඔහු ලබා ගත් දැනුම සහ කුසලතාවය මෙම නිර්මාණයේ සාර්ථකත්වයට බල පෑ බව නොරහසකි.

කතාවෙහි එන චරිත කිහිපයක් දීප්ත, දම්මී, සුලෝචනා, කූරා, පතෝලයා, ජගත්, හීන් මාමා, ලොකු අයියා, දීප්තගේ අක්කා, තාත්තා, අම්මා, සිරී මාමා, යශෝදරා අක්කා… කතා නායකයා දීප්තය. ඔහුත් ඔහු හා බැදුණු අනෙක් චරිතත් තනමල්විල ග්‍රාමය තුල ගෙවු කර්කශ වූත් සොදුරු වූත් ජීවන ප්‍රවෘත්තිය සොඳුරු සිද්ධි දාම කිහිපයක් තුලින් ප්‍රේක්ශකයා වෙත ගෙන එයි…

හේමසිරි ලියනගේ, දනුශ්ක දිල්ශාන්, යශෝදා විමලධර්ම, සුලෝචනා වීරසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, අංජන ප්‍රේමරත්න, සූර්‍යා දයාරුවන්, සේවියර් කණිශ්ක, නිලන්ක දහනායක, විශ්වජිත් ගුණසේකර, ආනන්ද කුමාරඋන්නැහේ, තිලක්ශි රත්නායක, කසුනි කාවින්දි, කලණි දොඩන්තැන්න වැනි ශිල්පීන් රැසක් මෙහි සිය රංගනයෙන් දායකත්වය ලබා දෙයි. ගරු රඟපෑම් වශයෙන් ගිහාන් ප්‍රනාන්දු, සූරාජ් මාපා, ධනංජය සිරිවර්ධන එක් වෙයි. එක් එක් චරිතය සතු සියුම් ලක්ෂණ පවා එකතු කරමින් ඔවුන් සිය රංගන දායකත්වය ලබා දෙයි.. ටෙලියෙහි රූගත කිරීමේ කටයුතු තිස්සමහාරාමය හා තනමල්විල ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර ඇත.

ලිපිය ලියන මොහොත වන විටත් කොටස් තිස් දෙකක් ව්කාශය වී හමාරය..තවමත් අපේ රටේ දීප්තලා, දම්මිලා, සිරි මාමාලා, ලොකු අයියලා ජීවත් වේ.. මේ ඔවුන්ගේ කතාව විය හැක.

පමා නැත.
එන්න…
බොළඳ ෆැන්ටසියට කොමාවක් තබා නරඹන්න…
තනමල්විල කොල්ලෙක්..
එවිට ඔබ කොමාවට…
තිත තබනු ඇත..
(මෙය මගේ හුදු අදහසක් පමණි)…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විරාජ් ශානක

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment