සැඩ සුළං අතර තනිවු මහා නෞකාවකට, සයුර ගැඹරෙන් නැගෙන මහා රළ, වියසනයක් යැයි කෙනෙකු සිතිය හැක.නමුත් සිතන්න, කුණාටුව පහව ගිය පසු රුවල් කඩී ගිය නෞකාව ගොඩබික් වෙත කැදවනා ගමක බලයද ඒ රළ පෙලම විය හැක.නමුත් ස්වරුපය පෙර මෙන් ප්‍රචණ්ඩ නොවෙ. බොහෝ සෞම්‍යය.
තනිකමද එබඳු ය.
ජීවිතය නැමති කුණාටුව අතරින් රැකී ඉමක් සොයා යන ඔබට තනිකම ජීවිතය කියා දෙන සගයකු බදු ය.නමුත් තනිකමින් පීඩිත වී විදවනා සිත් බොහෝය.හුදෙක් තනිකමින් විදවීමට නොව විදීමට ඉගෙන ගන්න.එවිට තනිකම ඔබට සගයා වනු ඇත.බොහෝ දේ කියා දෙනු ඇත.දිවියේ ඔබට වැරදුනු තැන් දක්වනු ඇත.ඔබ අභිමුව වූ කඩපත වසා ඇති අදුරු මායා පට බිද දමා ඔබේ පිළිබිඹව ඔබට දක්වනු ඇත.එවිට ඔබ ඔබව හැදින ගනු ඇත.
එනිසා කිසිවිටක තනිකමට වෛර නොකරන්න .තනිකම දිවියට සවිය කර ගන්න.තනිකමට අලය කිරීමට ඉගෙන ගන්න.
Leave a Comment