විශේෂ දිනයන්

තනි වුනු පාස්කුව…

එළියට බහින්නට බැරි උනත්
මේ ලස්සන ඉරිදා
ගෙදරම පරිස්සමට
ඉන්නට කිව්ව හන්දා
පවුලේ අය එක්ක සතුටින්
අපට ඉන්නට තිබුණා
හිටියානම් මගේ අම්මාවත්
අපේ ගෙදර මේ ඉරිදා

දන්නෙවත් නැති නමක්
ඇති කෑමක්වත් හදලා
හිටියානම් තනියට නංගිත්
කොනිත්තලා අවුස්සලා
Curfew කියා නෑ කාරියක්
කන් රිදෙන්න මොරදීලා
අද පල්ලී ගියේ නැතත්
ඉදී ලස්සන ගවුමක් ඇදලා

ගිය අවුරුද්දේ හදිසි වැඩක්
අප්පච්චිට වැටිලා
වැඩට ගියේ පාස්කු දිනත්
මට නංගිව දීලා
අප්පච්චියි මායී විතරක්
නෙවෙයි අද තනිවීලා
මුළු කටුවාපිටියමත්
අපි එක්ක අද අඩනවා

පල්ලියේ කඩපොළෙන් අලුත් බැලුමක් අරන්
හන්දියේ පොඩි කඩෙන් අයිස්ක්‍රීමුත් අරන්
අම්මගේ රසම රස කහ බතට ඉඩ තියන්
ගෙදර ගිය දවස් මට හීනයක් වගෙයි දැන්

හූල්ලනවා මගේ අප්පච්චිත්
වැඩක් නැති මේ දවස තිස්සෙම
තල්ලූ කරන් මගේ රෝද පුටුවත්
අත ගගා මගේ එකම කකුල
හදිස්සියට බෑ පල්ලියට දුවන්නවත්
තාම හුරු නෑනේ කිහිලි කරුව
ජේසු අම්මෙ අසරණ මගේ දුක අහන්
ලක් අම්මව ආදරයෙන් බලන්න

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

About the author

කල්පනී ආරියරත්න

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment