පුංචි දවස් වල අම්මගේ හරි තාත්තගේ හරි අතේ එල්ලිලා තරු පායනකම් අහස දිහා බලාගෙන හිටපු කාලයක් අපිටත් තිබුනා. මේ තරු දිදුලන්නෙ කොහොමද? තරු පායන්න රෑ වෙනකම්ම ඉන්න ඕනි ? මේ ප්‍රශ්න පොඩි දවස් වල අපේ හිත් වලට ආපු එක පුදුමයක් නෙවෙයි. තාරකා විද්‍යාව අපි හැමෝටම කුතුහලය පිරුණු විශ්වයේ රහස් පිරුණු විද්‍යාවක්. අද වනවිට විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟම තාරකා විද්‍යාවේ බොහොමයක් තොරතුරු තවදුරටත් රහසක් නොවේ. අපි පොත්පත් වලින් පාසලේදී තාරකා විද්‍යාව විෂයක් ලෙසින් ඉගෙන ගත්තත්, ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට බොහෝමයක් පිරිසකට ඉඩ ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්ය. ප්‍රධාන පෙලේ පාසල් වල අද වනවිට තාරකා විද්‍යා සංගම් මගින් තාරකා විද්‍යා කඳවුරු සංවිධානය වුවත් ඊට සහභාගී වන්නේද ඉතා සුළු පිරිසක් පමණයි. මේ නිසයි අපි, IMCD (International Movement for Community Development ) සංවිධානය විසින් තාරකා විද්‍යා රාත්‍රී කඳවුරක් සංවිධානය කිරීමට අදහස් කලේ.
IMCD අපිට මේ විදිහෙ තාරකා විද්‍යා නිරීක්ෂණ කදවුරක් පවත්වන්න අදහස දෙන්නේ අපේ දූෂ්කර පලාත් වල පුස්තකාල සදහා පොත් පරිත්‍යාග කරන Needy Readers ව්‍යාපෘතියේදි අපිට හමුවන නංගියෙක්. ඉතිං අපි හිතුව ඒ වගේ විශ්වීය අරමුණු වෙනුවෙන් හීන දකින ඒ ගවේෂකයන් ට මග පෙන්වන්න. “A world beyond the stars” එවැන්නන් වෙනුවෙන් අපි සිදු කරන්නට මුලපිරැව එක් වැඩසටහනක් විතරයි.
ප්‍රධාන ලෙස අපි බලාපොරොත්තුව වන්නේ තාරක විද්‍යාව පිලිබඳ උනන්දුවක් පවතින පාසල් සිසුන් අතර තාරකා විද්‍යාව පිලිබඳ ඇති නැඹුරුව සහ කැමැත්ත තවදුරටත් ඔප් නැංවීම, ඒ පිළිබඳ ඔවුන් තුල පවතින දැනුම වර්ධනය කිරීම මෙන්ම තාරකා විද්‍යාව හා සබැඳි දැනුම ප්‍රායෝගිකව බෙදා හදා ගැනීමත්ය.

මේ සඳහා IMCD සංවිධානයේ Path to Wisdom වැඩසටහන, ආදී නාලන්දීය තාරකා විද්‍යා සංගමය සමඟ එකමුතුව පළමුවරට තාරකා විද්‍යා රාත්‍රී නිරීක්ෂණ කඳවුර මෙම මස ඔක්තෝම්බර් මාසයේ 30 වන සිකුරාදා දින, බෞද්ධ බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. එදිනට බෞද්ධ බාලිකා විද්‍යාලයේ සහ දෙහිවල සුබෝධ බාලිකා විද්‍යාලයේ සිසුවියන් 50 දෙනෙක් මෙම තාරක විද්‍යා රාත්‍රී නිරීක්ෂණ කඳවුරට සහභාගී වීමට නියමිතව පවතිනවා.
Path to wisdom කියන්නෙ IMCD සංවිධානය මඟින් සමාජීය සංවර්ධනය උදෙසා හඳුන්වාදුන් තවත් එක් වැඩසටහනක්. මෙහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අවම පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ, අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ඔවුන්හට විෂයානුබද්ධව ඇතිවන ගැටළු සහ විෂයානුබද්ධව අවැසි දැනුම ලබා දීම මෙන්ම විෂය පරිබාහිරව ඔවුනගේ කුසලතා සහ ආකල්ප දියුණු කිරීමත්ය. මේ සඳහා Path to wisdom වැඩසටහන යටතේ තෝරාගත් පාසල්වල සහ ළමා නිවාසවල ප්‍රධාන විභාග සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශණ සංවිධානය සිදු කරනු ලබයි. මීට අමතරව වෘත්තීමය මාර්ගෝපදේශනය ලබා දීමත්, අධ්‍යාපනය මඟින් ජීවිතය ජයගැනීමට පාසල් සිසුන් පෙළඹවීමේ වැඩමුළු ද මෙම වැඩසටහන යටතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනව.

අනාදිමත් කාලයක පටන් පැවති ඒ ඉපැරණිම විද්‍යාව පිළිබඳ බොහෝ රහස් විවර කරන්නට “A world beyond the stars” තාරකා විද්‍යා රාත්‍රි නිරීක්ෂණ කඳවුරේදි ඒ ගවේෂකයන් සමත් වන බව නොඅනුමානයි.
Leave a Comment