නිසදැස්

තවත් කඩුපුල් මලක්..

වෙනද වාගෙම අදත්
වළාකුළු අතරින්
අඳුර දුරුකර දුටිමි 
හිනැහෙනව දිලෙමින්…
වෙනදටත් වඩා තව
හැඩැයි නුඹ අද නම්
ළඟට’විත් රහසින්
කියන්නට ඇත්නම්…
පුර හඳට පෙම් බඳින
සියක් මල් අතුරින්
සිතින් පෙම් බඳින මම
තවත් කඩුපුල් මලක්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment