දැනුම

‘තාක්ෂණයේ විස්කම්’ – චලන සිත්රූ මවන රූපවාහිනියේ වතගොත

   අතීතයේදි දෙසවන් පමණක් පිනවීමට පුරුදු වී සිටි මිනිසා හට ඇතිවූ නව විනෝද වීමෙ මාධ්‍යයක අවශ්‍යතාවය මත රූපවාහිනියේ උපත සිදු විය.

                              රූපවාහිනියේ අතීතය පිලිබඳ සොයා බලන විට එහි නිර්මාතෲ ලෙස සඳහන් වන්නෙ බ්‍රිතාන්‍ය ජතික ජෝන් ලොගී බෙයාර්ඩ් වේ. නමුත් මේ පිලිබඳ තවත් මත පළවෙමින් පවතින අතර ඒවායින් ප්‍රධානතම මතය වන්නේ මෙය එක් පුද්ගලයෙකුගෙ සොයගැනීමක් නොවන අතර කිහිප දෙනෙකුගෙ අදහස් වල සුසන්යොජනයක් බවයි.

                               නූතන රූපවාහිනියේ ආදිතමයා ලෙස සැලකෙන්නෙ Octagon නම් යන්ත්‍රයයි. මෙය 1928 දී General Electric සමාගම විසින් නිර්මාණය කර ඇත. මෙහි අඟල් 3ක් පමන වූ තිරය මත රූප ප්‍රදර්ශනය කිරීම සඳහා යාන්ත්‍රික භ්‍රමණ තැටියක් භාවිතා කර ඇත. ආරම්භයේදි ධනවතුන්ට පමණක් සීමා වූ රූපවාහිනිය නොබෝ දිනකින් ම සියලු දෙනා අතර ප්‍රචලිත වන්නට විය. මෙම ප්‍රචලිත වීම කෙතරම් විශාලද කිවහොත් ඇමරිකා එක්සත් ජනපදයේ 1946 වන විට තිබූ 6000 වන ගෘහස්ත රූපවාහිනී සන්ඛ්‍යාව 1951 වන විට මිලියන 12 ඉක්මවූ බව සඳහන් වේ.                 

                ප්‍රාථමික රූපවාහිනී වල තිබුනෙ කළු සුදු තිරයකි. එම තිරය සකස් කර ඇත්තෙ කැ‍තෝඩ කිරණ නළය සහ එහි ක්‍රියාකරිත්වය උපයෝගී කරගෙනයි. එමඟින් පිට කරන කැ‍තෝඩ කිරන පොස්පරස් 12 සමස්ථානිකය ආලේපිත තිරය මත පතිත වී විවිධ වර්ණ පරාසයන්ගෙන් යුතු කලු සුදු රූප නිර්මාණය කරයි. 1940 පමණ වන විට එම ක්‍රියාවලිය වැඩිදියුණු කරමින් වර්ණ රූපවාහිනි නිර්මාණය විය. එහිදි රතු නිල් හා කොළ (RGB) යන වර්න වලින් යුතු කිරණ තිරය මත පතිත කරවා නිවැරදි වර්ණ සාදා ගනී.   

                                 රූපවාහිනිය කියූ සැනින් අපට මතක් වන අනික් උපකරණය වන්නේ දුරස්ථ පාලයකයයි. නමුත් මුල් කාලීන රූපවාහිනී වල දුරස්ථ පාලක දක්නට නොලැබුණි. මුල් කාලින රූපවාහිනී වල කරකවමින් නාලිකා, ශබ්දය හා එලිය අඩු වැඩි කිරීමෙ හැකියාව තිබූ අතර පසු කලිනව එක් එක් නාලිකා අංකයට අදාලව බොත්තම් නිර්මානය විය. දුරස්ථ පාලකය යන සංකල්පය පළමුවෙන්ම ගෙන එන ලද්දේ 1950 දී Zenith radio Coperation සමාගම විසිනි. එය ඔවුන් විසින් Lazy Bone  ලෙස හැඳින්වූ අතර එමඟින් රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීම, නැවත පණ ගැන්වීම හා නාලිකා මාරු කිරිම සිදු කල හැකි විය. මෙය ‍රැහැන් මඟින් රූපවහිනියට සම්බන්ද කර තිබූ අතර එම ‍රැහැන් මඟින් යවන ලද විද්‍යුත් සංඥා මඟින් ක්‍රියා කරන ලදි. එම සමාගම මඟින් ම 1955 දී ප්‍රථම ‍රැහැන් රහිත දුරස්ත පාලයකය නිපදවූ අතර එය Flash Matic ලෙස හඳුන්වන ලදි. එහිදි පාලයක මඟින් එල්ල කරන ලද ආලෝක ධාරාවක් මඟින් යවන ලද සංඥා මඟින් රූපවාහිනිය ක්‍රියා කරන්නට විය. නමුත් රූපවාහිනියේ ඇති ආලෝක සංවේදක මතට සූර්යාලෝකය වැ‍ටුනු විටද රූපවාහිනිය ක්ර්ය කරන්නට වීම නිස එම නිර්මාණය අසාර්ථක විය. 1956 දි පමන අති ධ්වනි තරංග මඟින් සංඥා යැවීමට හැකි දුරස්ථ පාලකයක් මහචාර්ය රොබ්ර්ට් ඇඩ්ලර් විසින් නිර්මාණය කරන ලදි. අද වන විට අප භාවිතා කරන දුරස්ථ පාලයකය ක්‍රියා කරන්නේ සංගෘහිත පරිපථයක් මඟින් පාලනය කර නිකුත් කරනු ලබන අධෝරක්ත කිරන භාවිත කරමිනි. එවා ග්‍රහණය කර ගත හැකි සංවෙදක රූපවාහිනියේ පවතින අතර සංගෘහිත පරිපථය මඟින් අදාල විධානයට අදාල පරිදි කිරණ පිට කිරීම සිදු කරයි.               

                 ආරම්භයේදි රූපවහිනිය තුලින් නාලිකා පමණක් නැරඹිය හැකි විය. පසු කාලීනව නිපදවූ VCR, DVD යන්ත්‍ර රේඩියෝ තරංග මඟින් රූපවාහිනිය සමඟ සම්බන්ධ කොට නැරඹීම සිදු කල හැකි විය. කල් ගතවත් ම මේ සඳහා රේඩියෝ තරංඟ වෙනුවට විද්‍යුත් තරංග භාවිතා විය. වර්තමානය වන විට එම තාක්ශනයද අභිභවා ගොස් HDMI, OPTICAL CABLES වැනි නවීන තාක්ශනික ක්‍රම මඟින් අනිකුත් උපකරණ හා සම්බන්ද විමේ හැකියාව උදා වී ඇත.

 

 රූපවාහිනියේ පෙරලිකාරම වෙනස සිදු වන්නේ LCD හා LED තිරයන් නිපදවීමත් සමඟයි.එතෙක් කල් භාවිතයට ගැනුනු CRT තිරය වෙනුවට LCD හා LED තිර භාවිතයට ගැනීමත් සමඟ රූපවහින්යේ විශාල පෙරළියක් සිදු විය. මෙහිදී කැ‍තෝඩ කිරන වෙනුවට සුදු ආලෝක කදම්භයක් භාවිත වන අතර එහිදී LCD තිර සඳහා සුදු නළ පහනක් (Tube light) වැනි ආලෝක ප්‍රභවයක් ද LED තිර සඳහා LED බල්බ වලින් සෑදුනු පටි කීපයක්ද භාවිතා වේ. මෙසේ නිපදවෙන ආලෝක කදම්භය විවිධ තල කිහිපයක් ඔස්සෙ පෙරී පැමින අවසානයේ තිරය මත පතිත වේ. එම පෙරීමේ ක්‍රියවලිය තුලදී වර්න වෙන් කිරිම, රූප වඩාත් පැහදිලි කිරීම (Focussing) වැනි ක්‍රියා රාශියක් සිදු වේ.        

                  LCD හා LED තිර මඟින් CRT තිර වල මෙන් අහිතකර කිරණ නිකුත් නොවන අතර එබැවින් එවා වඩාත් සෞඛ්‍යට හිතකර වේ. එමෙන් ම CRT තිර වලට වඩා වඩාත් පැහැදිලි හා තියුණු දසුන් LCD හා LED තිර මඟින් දැක ගත හැක.               

                වර්තමානය වන විට රුපවාහිනිය තාක්ෂණය අතින් ඉහලටම ගමන් කර ඇත. වඩාත් ආකර්ශනීය 3D තාක්ශනයද අද වන විට රූපවාහිනිය තරණය කර ඇත. එමෙන් ම එදා ටෙලි නාට්‍ය වැනි දෑ පමණක් නැරඹූ රූපවාහිනියෙන් අන්තර්ජාලය පවා සැරි සැරීමට හැකිය. තාක්ශණයේ අරුමය එයයි. 3” තිරයකින් ඇරඹි රූපවාහිනිය අද වන විට Smart TV දක්වා  විකාශනය වී ඇත. මිනිසාගේ නොසන්සි‍ඳෙන කුතුහලය විසින් තවත් අනේක විධ නිර්මණ අදත් හෙටත් මතුවටත් නිර්මාණය කරනු ඇත. ඒ සියල්ලක්ම ලෝකයගේ හිත සුව පිණිසම වන්නේනම් මැනවි. 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිලංක පීරිස්

විද්‍යා පීඨය - අවසන්ව සර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment