සාමාන්‍ය

තාත්තාගේ ආදරේ….

අලුත් අවුරුද්දත් එක්ක ගොඩක් කලබල වෙලාවක…

යාලුවනේ,කියන්න හිතුවා ඔයාලට පුංචි කතාවක්..පොඩ්ඩක් හිතලා බලන්න.

අලුත් අවුරුද්ද ලබන්න තව දවස් කීයද තියෙන්නේ. දන්නවා මං,ඔයාලා හැමෝම ලහි ලහියේ සුදානම් වෙනවා ඇති නේද??

අම්මලා තාත්තලා එක්ක ඇඳුම් අරගන්න,කැවිලි පෙවිලි හදන්න,ගෙවල් පිරිසිදු කරන්න..තව තව ගොඩාක් වැඩ..

ඒ වැඩ අතරේ මට මුණගැහුණ කෙනෙක් ගැන මේ කතාව…

අපි නිතර දෙවේලේ යන එන 138 බස් එකක,

නෑ මගී තදබදයක්,

මැදිවිය ඉක්ම වු පුද්ගලයෙක්,

තමන්ගේ කඳුලු කතාව දිග අරිනවා…

මොකද හිතෙන්නේ ඔයාලට??

බොරුකාරයෙක් කියලා ලේබල් කරලා අහක බලාගන්නවා ද,

නැත්තම් කීයක් හරි දෙනවා ඉතිං අනිත් අයත් දෙනව ද බලලා…

පොඩ්ඩක් හිතන්න……

ඒක එක තාත්තා කෙනෙක්ගේ කඳුලු කතාවක්…

මට අහක බලන්න ලෝබ හිතුනා.

මට මගේ තාත්තාගේ මූණ පෙනුනේ.

මොකද ඉස්සර එක දවසක..නෑ, මගේ තාත්තා ළඟත් තිබුනේ සල්ලි එයාගේ දූ පැටියා පෙර පාසලකට යවන්නවත්…

ඒ මනුස්සයාගේ මූණේ මං දැක්කෙ තාත්තෙක්ගේ අහිංසක කඳුලු.

අම්මා නැති ගැහැනු දරුවෝ හතර දෙනෙක්ට එදා දවස කන්න දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය ඒ මූණ පුරාම.

අලුත් අවුරුද්දෙ දරුවොන්ට අඳින්න අලුත් ඇඳුමක් අරන්දෙන්නයි,මෙහෙම අත පාන්නේ…

ලඟට ඇවිදින් අතපාලා කීයක් හරි දෙන්න පුලුවන් ද නෝනා….මහත්තයා…කන බත් ඇටයක් ගානේ පින් ලැබෙයි..කියද්දී

මං දැක්කේ කුලී වැඩ කරලා කලු ගැහුනු කරගැට පිරුනු අත්

යාලුවනේ… අාදරෙන් පිරිමැදලා බැලුව ද අපි අපේ තාත්තාගේ අත්,

ඒවා කියයි මොනතරම් මහන්සියක් වෙනවද කියලා එයා…අපි වෙනුවෙන්

“නෑ මට මොන මහන්සියක් ද”තාත්තගේ කටේ තියෙන්නෙ ම ඒ වචන ටික.

ඒ තාත්තගේ ආදරේ……

පුංචි දවස් වගේ නෙමෙයි

ලොකු වෙද්දී අපිට එයාලව මඟ ඇරෙනවා අපිටත් නොදැනීම..

කොයිතරම් දුකක් දැනෙනවා ඇති ද ඒ හිතට.

ඒ හින්දා මේ අලුත් අවුරුද්දේ…….

තාත්තගේ පපුවට ලං වෙලා අහමු තාත්තගේ හදවත ගැහෙන්නෙ අපි වෙනුවෙන් නේද කියලා

කියමු කොයිතරම් ආදරේ ද කියලා අපි තාත්තට..

එතකොට

බලන්න හෙමිහිට ඒ ඇස් දිහා

වෙනදා හැමදේට ම සැර කරන තාත්තාම ද මේ කියලා….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සනුරි නිසංසලී

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment