නිසදැස්

තාත්තා…

පන්හිදට නොහැක
මගෙ නුඹ නමින්
කවි පද බදින්නට..
නුඹ හෙලන දහඩියක බර
නැත මිනුම් දඩු එය මනින්නට..
නපුරු මුහුනට යටින් සැගවුනු..
දයාබර වූ සිතක මහිමට…
අරුත් දෙන්නට
ණය ගෙවන්නට
අකුරු මදි මගේ හෝඩියට තව..
ගතේ දිරියයි කිරට හැරුනේ..
නුඹේ සෙවනයි අපිව රැක්කේ..
ලොවේ අන්කිසිවෙකුත් නැත්තේ..
නුඹයී මාගේ වීරයා වන්නේ…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉරේෂා සෙව්වන්දි තිලකරත්න

හෙද පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment