ඇස් කඳුලු හිර කරන්,
වැටෙන්නට නොදී උඹ,
හිත ඇතුලේ ඇඬූ හැටි ,
කිව්වා ද තාන්යා…
පිදුරු රහ හුලඟ විත්,
දැවටෙද්දී හීතලට,
ඇගිලි වෙව්ලාපු හැටි,
කිව්වා ද තාන්යා…
නිකොලයිගේ රැවුල් කොට,
වෙන කම්මුලක වදින,
හීනෙකත් ගැහුනු හැටි,
කිව්වා ද තාන්යා…
ඉන්නම් ද යන්නම් ද,
ඇහූ අන්තිම මොහොතේ,
පපුව නැවතුන විදිය,
කිව්වා ද තාන්යා..
ආත්මය ගොළුකරන්,
නිකොලායි හැරෙනකොට,
උඹත් ගොලු වී ඉඳින්,
එය සැපයි තාන්යා…
Leave a Comment