වර්ෂ 1989 දී චීනයේ තියෙන්මෙන් චතුරස‍්‍රය මුල් කරගනිමින් උද්ඝෝෂණ මාලාවක් දියත් කරන්න චීනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව එකමුතු වෙනවා. අපේ‍්‍රල් මාසේ 15 වෙනිදා ඉඳලා ජූනි මාසේ 4 වෙනි දා වෙනකල් පුරා මාසයකුත් දවස් 20ක් පුරාවට උද්ඝෝෂණ දියත් කරන්න චීන ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වෙනවා.
චීනය කියන්නේ සමාජවාදී ඒක පාක්ෂික රටක්. කොමියුනිස්ට් පක්ෂයේ් දැඩි ග‍්‍රහනයට චීන ජනතාවගේ ආත්මයම තදින් ගැටගහලා ගෙනයන පාලනයක් තමයි ඒ රට උරුම වෙලා තියෙන්නේ, (අදටත් පවතිනා දැඩි මාධ්‍ය වාරණය, ඉහවහා ගිය දූෂණය, ආර්ථික ප‍්‍රතිසංස්කරණය වගේ කාරණා මුල් කරගනිමින් තමයි චීනයේ විශ්ව විද්‍යාල ප‍්‍රජාව උද්ඝෝෂණයට එකතු වෙන්නේ.
මාසයකුත් අවසන් වෙද්දි උද්ඝෝෂණ අවසන් නොවෙන නිසා ජූනි මස 4 වෙනිදා යුද නීතිය පනවන්න චීන රජය තීරණය කරනවා. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට ආයුධ සන්නද්ධ මහජන විමුක්ති හමුදා යුද්ධ ටැංකි බලගණයකුත් අරගෙන මහජනයා උද්ඝෝෂණය කරන තියෙන්මෙන් චතුරස‍්‍රරයට ගමන් කරනවා. මේ යන ගමනෙදි මාර්ගයට බාධා වෙන හැමෝටම වෙඩි තියන හමුදාව තියෙන්මෙන් චතුරස‍්‍රයේ දී විවෘත වෙඩි තැබීමකින් නිරායුධ මහජනතාව ඝාතනය කරන්න පටන් ගන්නවා. මේකෙ දි දහස් ගණනක් ඝාතනය වුනා කියලා කිව්වත් හරියට තහවුරු කරලා නෑ.
මේ සිද්ධිය වුන දවසට පහුවදා හවස යුද ටැංකි තියෙන්මෙන් චතුරස‍්‍රය හැරදාලා යන්නට සැරසෙන්නේ ඒ වෙද්දි රට පුරා පැතිරුනු උද්ඝෝෂණවලට උණ්ඩයෙන් උත්තර දෙන්න බලාගෙන. නමුත් මේ වෙලාවේ මෙතනින් වැඩ ඇරිලා ගෙදර යන සුදු කමිසයකුයි කළු කලිසමකුයි ඇඳ ගත්ත අතේ සිලි මලු දෙකක් පිරෙන්න බඩු එල්ල ගත්ත, නමක් ගමක් නොදන්න මනුස්සයෙක් යුද ටැංකි පෙල ඉස්සරහට එන මාර්ගය ඉස්සරහින් හිට ගන්නවා.
යුද ටැංකිය තමන්ගේ මූණ දෙසටම කෙලින්ම එද්දි අතේ බඩු මලු දෙකකුත් එල්ලගෙන මේ මනුස්සයා පාරේ මැද්දේ හිට ගන්නවා. යුද ටැංකිය මූණ ඉස්සරහටම ඇවිල්ලා බ්‍රේක් ගහනවා හැබැයි යුද ටැංකි ආවා කියලා මිනිහා නෙමෙයි එක මොහොතකට හෙල වුණේ. යුද ටැංකිය කිහිප සැරයක් මිනිසාව පසු කරන්න උත්සාහ කලත් නැවත නැවතත් යුද ටැංකියෙ පාර හරස් කරමින් යුද ටැංකිය ඉස්සරහින් හිට ගන්නවා. අවසානයේ දි යුද ටැංකියට ආපසු හැරෙන්න අණ ලැබෙනවා. එතනින් පස්සෙ මේ මිනිසා ආයේ කවදාවත් දකින්නවත්, ඒ මිනිහා ගැන අහන්නවත් ලැබෙන්නේ නෑ. මේ සිද්ධිය තියෙන්මෙන් චතුරස‍්‍රයේ ඉන්න මාධ්‍ය වේදියෙක්ගේ කැමරාවක් සටහන් වෙලා පහුවදා මුලු ලෝකෙම ප‍්‍රචාරය වෙනවා චීනයේ හැර.
විප්ලවයක් කරන්න මහා සෙනඟක්, මහා අයුධවත් අවශ්‍ය වෙන්නෙ නෑ. විප්ලවය හැම වෙලාවෙම පටන් ගන්නේ මහ පොළොවෙන්. ඒකට එක හරි හේතුවකුයි ශක්තිමත් හිතකුයි තිබ්බම හොඳටම ඇති. ඒ දෙකෙන් විතරක් තමන් දෙසට ආපු කලින් දවසේ ශිෂ්‍යයෝ දහස් ගණනක් මරපු යුද ටැංකි පෙළ ආපසු හරවලා යවන්න පුළුවන් වෙනවා.
ඒක තමයි තියෙන්නෙ ‘හිත ඇත්නම් පත කුඩා ද?’ කියලා සිංහල ජන වහරෙ යෙදුමක්. විශාල යමක් කරන්න අවශ්‍ය උත්සාහයයි උනන්දුවයි අධිෂ්ඨානයයි විතරයි. වීර්යය තියෙනවා නම් ඕනම බාධකයක් ජය ගන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ ඒ සඳහා ශක්තිවන්ත පෞරුෂයක් එක්ක ඉහත කිව්ව ගුණාංග වර්ධනය කර ගන්න එක. එක පුද්ගලයෙකුගේ දක්ෂතාවයෙන් විශාල පිරිසක් එදා ජීවත් වෙන්න වාසනාවන්ත වුනේ ඒ එකම එක නිර්භය, ධෛර්යවන්ත, අධිෂ්ඨානශීලී මිනිසා නිසා. එසේ නම් බෑ කියා අත හැර දමා අපට එන බාධක හමුවේ ජීවිතේ ඉලක්කයන් ළඟා කර ගන්න උත්සාහා නොකර සිටීම සාධාරණ ද?
නිසි පිළිතුරු සොයා ගැනීමට සිත මෙහෙයවීම පාඨක ඔබටම බාරයි…
Reference:
Leave a Comment