විශේෂ දිනයන්

තුති මල් මිටක්

යකඩ සපත්තු අතර තෙරපෙන
නොනවතින දිවි අරගලය මැද,
සමාජ විෂමතාවය නම් වූ
ගිනි මද්දහනේ වුවද
බලාපොරොත්තුවේ සිසිලසින් ඔද වැඩී…
කරගැට සුසුම් සගවා
තම පුතුන් රජුන් කරනට වෙහෙසෙන,
දහසින් බැඳි පියලි නොලදත්
රාජකාරිය දේවකාරිය කරගත්
සුවහසක් කම්කරු සගයන්ට….
මනුෂ්‍යත්වයේ දෑත දිගුකර
ප්‍රශංසාවේ කිරුළු පළඳවමු….

Designed by – Binod Lakshitha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රුවන්තිකා ප්‍රේමරත්න

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment