නිසදැස් විශ්ව විද්‍යාලය සාමාන්‍ය

තුම්මුල්ල – වතාවක් ඇවිදින් අපායේ කුරුටු ගෑ කතාවක් කියවන්න…10

දසවන කොටස

මේ දවස්වල අපේ හමුදා පුහුණු පාසලටත් නේවාසික නායකත්ව පුහුණු වැඩසටහනට පොඩි පොඩි කැම්පස් කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න ගාණක් ඇවිත් තිබුණා.මට එක පාරට ම  නෙතූව මතක් වුණා.


“නුබේ නෙතු මානයේ

සිනාසෙන මා දෑස  

නුබ දුර ගිය විට  

බොඳ වන බව  

නොවැටහුණි ද තවමත් නුබ හට”


     මගේ හිත පුදුම විදියට කලබල වුනා.මම තරම් මේ ලෝකේ නෙතූට ආදරේ කල කෙනෙක් නැතුව ඇති.නෙතූගෙන් එක පාර මම ඈත් වුනා කියලා කවුරු හරි හිතුවොත් ඒක ලොකු වැරද්දක්.සමහරු ආදරේ අතහරින්නේ ආදරේ හින්දමයි.මම ඒ ගොඩක් හිතලා හරිම අමාරුවෙන් ගතපු තීරණයක්…අනේ නෙතූ ඔයාට මම ගැලපෙන්නෙ නෑ කියලා දැන දැනම මට ඔයා අමාරුවේ දාන්න ඕන වුණේ නෑ.දැන් තේරෙණවා නේද නෙතූ මම තරම් ගෞරවනීය විදියට ඔයාගේ ආදරේ වෙනුවෙන් කැපකිරීමක් කරපු කෙනෙක් නෑ කියලා තවත්…


“සිතට දැනෙනා මිහිරි සිතුවිලි       
ඔබ ගැනයි තුන් තිස් පැයේ          නොපෙනෙනා දුර සිටිනමුත්        නුබටමයි සිත ආදරේ”


ඉස්සර වගේම තාමත් ඔයා කවද හරි ඉහලම තැනක ඉන්නවා දකින්න මම හීනමවන්නේ…එදාට මම වගේ පුන්චි මනුස්සයෙක් ඔයාට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ කියලා මම දන්නවා…ඔයා කවද හරි මෙහෙම මට කියයි කියලා මම ගොඩක් බය වුනා නෙතූ…

“ඉස්සර අපි දෙන්නා ,
දෙන්නම තමුන්ගේ…
දැන් අපි දෙන්නා,
දෙන්නම අනුන්ගේ…
නොදැක නොවෙයි
පිලට පැදුරක් දුන්නේ…
යතුර දෙන්න මේ ගේ අනුන්ගේ “


     කොයිතරම් හිත තද කරන් ඔයාට ආයෙත් වචනයක් නොලිව්වට ඉස්සර වගේ ආදරයක් ඔයා වෙනුවෙන් මගේ ලඟ තියනවා.සමහර විට මම ඒ ආදරේ ආයේ කාටවත්ම දෙන්නේ නැති වෙයි…පපුවට දැනෙන සෙනෙහසක් අකුරු වලට ඒ තරම් දැනෙන්නේ නැති බව මම දන්නවා.පුහුණු හමුදා නිලධාරියෙක් විදියට මගේ ඇස් වලට දැන් කදුලු නම් හරි දුරයි නෙතූ…ඇස් වලින් කදුලක් වැටුන්නේ නැතුව පිරිමියෙක් හදවතින් අඬද්දී හිත රිදෙන තරමක්…! පුලුවන් තරම් හොදට ඉගෙනගෙන , ඔයගේ දුප්පත් අම්මටයි තාත්තටයි ජීවිතේ අන්තිම කාලේදි හරි ඒ මිනිස්සු කවදාවත් විඳලා නැති සතුට ගෙනත් දෙන්න නෙතූ…ඔව් කාට නැතත් ඒ දෙන්නට සතුටක් සැපක් දෙන්න…හැමදාමත් දුර ඈතක ඉඳන්, ලගට එන්න හීනෙකවත් නැතුවට අහස තරම් ම ආදරෙයි.බුදු සරණයි නෙතූ…!!!

“මිටින් මුදා හැර බැලුවෙමි   සත්තයි නුබ නොගියා මවෙතින්   අතහැර ගොස් යලි හැරුනෙමි   සත්තයි නුබ ඇවිදින සෙවනැල්ලකි”


(තරිඳු ගිම්නාද දිනපොත)

(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ මේස මත සරසවි සිසුන් විසින් සටහන් කරනු ලැබූ නිදහස් සිතිවිලි ය.)

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment