දෙවන කොටස
ඒ වෙද්දී අන්තර්ජාලය හරහා කරන මගේ ම කියලා පුන්චි බිස්නස් වැඩකට මම අත ගහලා හිටියේ…මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හදාගන්න එහෙමට කියලා ලොකු වුවමනාවක් තිබුනෙත් ඒ නිසාම යි.නීති පීඨය ඉස්සරහින් කහ ඉර පැනලා බැන්කුවට මම ඉගිල්ලිලා ගියේ හරියට නිකන් අත් තටු ලැබුන පලවෙනි දවසේ පියාඹන සමනලයෙක් වගේ.
බැන්කු සේවකයෝ කීප දෙනා හැරෙන්න ඒ වෙලාවේ බැන්කුව ඇතුලේ හිටියේ මම යි, අලුත් නැවකින් බැහැගත්තා කියලා හිතන්න පුලුවන් චීත්ත කෑල්ලක් විතර ම යි.මල් මල් දිග සායකට සුදු පාට හැට්ටයක් ඇදගෙන හිටිය ඒ කෙල්ල දිහා ආයෙත් වතාවක් හැරිලා බලන්න හිතෙන තරම්.මගේ කුකුල් හිත මේ වගේ වෙලාවට මට ම හරි වදයක්.මහ ගමේ කෑල්ලක්! එහෙම හිතලා හරි මම මගේ හිත තද කරගත්තේ බොහොම අමාරුවෙන්.මේ ජර මර අස්සේ එයත් මගේ දිහා යන්තමට බලනවා මම දැක්කා..
“නොබලන් කුමරිය ,
නිසසල මා දෙස ,
සසල ඔබේ දෙනෙතින්,
ආදර පවනින්
නොසැලුන මගේ හිත,
කැලඹිය නොහැක ඉතින්”

මොකද්දෝ හේතුවකට මගේ සුපර් සීනියර් කම පැත්තකට දාලා ඇයත් එක්ක වචනයක් දෙකක් කතා කරන්නම යි දැන් මට හිතෙන්නේ.අඩුම තරමේ නම හරි දැනගන්න ඇත්නම්..මගේ හිත මම කරන්න ආපු වැඩේ පැත්තකට දාලා මම එක්ක වලි කනවා.එහෙම දකින දකින චීත්ත කෑලී එක්ක කතා කරන්න තරම් නම් මම බාල්දු වෙන්නේ නෑ.අන්තිමට මම හිතුවේ එහෙම.බැරිම තැන මම ම එයාට නමක් දාගෙන මගේ හිත හදාගත්තේ.ඒ තමයි හිරුණි.ඔව්ව් එයා තමා හිරුණි.දැන් නම් මගේ හිත හරිම නිදහස්…
“බැන්කු කවුන්ටරයේ දී,,
ඇයි හිරුණි මටත් හොරා මගේ හිත හොරකම් කරගත්තේ..අනේ ඒක මට දෙන්න..කෝ…ඔයා මගේ පුන්චි හීන සේරම සොරාගත් නිසා මම අසරණව මෙච්චර කාලයක් ඔයා හෙව්වා.වෙන කෙනෙක්ට දෙන්න වත් ඔයා හිත ඉතිරි නොකල නිසා මම දුකින් ඉන්නෙ”
ඇයි හිරුණි මටත් හොරා මගේ හිත හොරකම් කරගත්තේ..අනේ ඒක මට දෙන්න..කෝ…ඔයා මගේ පුන්චි හීන සේරම සොරාගත් නිසා මම අසරණව මෙච්චර කාලයක් ඔයා හෙව්වා.වෙන කෙනෙක්ට දෙන්න වත් ඔයා හිත ඉතිරි නොකල නිසා මම දුකින් ඉන්නෙ”

හිරුණි බැන්කුවෙන් එලියට යනකන්ම මම බලන් හිටියේ.අනේ හිරුණි ඔයා ගියාට ආයෙත් දවසක මට හමුවෙයි නේ ද?
“යාම හොදය, ගොස් ඒමද හොදය
ලොව ඇත්තේ යෑම් ඒම් පමණය”
ලොව ඇත්තේ යෑම් ඒම් පමණය”
එදා ලෙක්චරේ මම අසා සිටි දෙයක් නැත.හිරුණි මා අසලම මට මැවි මැවී පෙනෙයි.මම ආයෙත් වේගෙන් පොතේ පිටු පෙරලගෙන, පෙරලගෙන ගියා.

“ආලය මුලාවකි
කාලය කා දමන
මල හත් ඉලව්වකි”
ඇයි මම එයාගේ නම වත් ඇහුවේ නැත්තේ…??දැන් ඇයි මම එයාගේ නම හරි අහන්න ඕන?ආහ්..අහන්නේ ඇයි??? නෑ…අහන්න ඕන නෑ…
එයා තමයි හිරුණි…එයා තමයි මගේ හිරුණි.එයාගේ නම මම දන්නවනේ…මම අහන්න ඕන නෑ…
හිරුණිගේ පිච්ච මල් ඉහිරිච්ච දිග සායට කොහොමද ඒ තරම් ලස්සනට ගැලපුනේ නිකන්ම නිකන් සුදු හැට්ටයක්?තනි කරලට ගොතපු කොණ්ඩේ ලස්සන…මම ඇය ලගින් ම හිට ගත්තොතින් ඇගේ කෙහෙ රැලි මගේ උරහිසේ ගෑවෙන නොගෑවෙන තරමට නම් ඇය ටිකක් උස යි..බටර් පාට මූණේ, කම්මුල් වල පුන්චියට වල හැදිලා ඇය ලාවට හිනාවෙද්දී කොයි තරම් ලස්සන ද? මහ රෑ වෙනකන් ම මට එදා නින්ද ගියෙත් නෑ…නින්ද ගිය පැය කිහිපයටත් මට හීනෙන් පෙනුනේ මගේ හිරුණි.

“පිච්ච මල් වල සුවද පොද මෙනි,
අපේ ආදරණීය සිතුවිලි,
රැයේ සිහිනෙන් නො ආවෝතින්,
හිතේ උපදී දහක් මැසිවිලි”
අපේ ආදරණීය සිතුවිලි,
රැයේ සිහිනෙන් නො ආවෝතින්,
හිතේ උපදී දහක් මැසිවිලි”
(උපේක නිර්මාල් දිනපොත)
(මෙහි සඳහන් සියලු උපුටාගැනීම් කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්ථකාලයේ මේස මත සරසවි සිසුන් විසින් කුරුටු ගෑ නිදහස් සිතුවිලිය.)
Leave a Comment