සිව්වන කොටස
මේ සෙමෙස්තරේ ගිය සෙමෙතරේට වැඩිය හපන්…!!!ස්ටඩී ලීව් එකෙත් දවස් තුන හතරක් ඔහේ කාලා දාලා පොත් ටික අතට ගත්තේ අද.ටුයුට් මිටි ටික මුල ඉඳලා වේගෙන් අන්තිමට වෙනකන් ම පෙරලගෙන යද්දී මට සක්වල ලෝකෙන් එපිට හොල්මනුත් පේන්න ගත්තා.හරියට නිකන් ඉංග්‍රීසි හෝඩියේ තැනින් තැනට පාළුව යන්න ඉලක්කම් ලියන් ඇවිත් වගේ.ඒ ලෙවෙල් කාලේ වගේ නෙවේ බන්, කැම්පස් ආවත් හරි මට තාම මලාට පොතක් පතක් දිහා ඇහැක් ඇරලා බලන්න ආසාවට හිතුනේ නැහැනේ..දැන් නම් මගේ ඇස් දෙකටම ඇඬෙනවා බන්…

“අමාරුවෙන් පැනගත්තු සරසවි ලයිෆ් එක
ලැපා සමග වැඩ මිස නැත රිවස් එක
කකා දමා මා ලග ඇති ක්‍රෙඩිට් ටික
එපා පැන යන්න ෆොටෝ කොපි ලියුව ටික”
මම දන්න කියන උන් විතරක්ම නෙවේ දවසක් හරි මගේ එක්ක ලාවට හරි හිනා වෙන ඕනැම එකෙක්ට මට වඩා හොඳට මගේ අත්සන ගහන්න පුළුවන් වුණ එක තමයි මගේ කරුමේ කියලා අද මට නිකමට වගේ හිතුනා.දැන් මට තියන ලොකුම ප්‍රශ්නේ සීයට අසූව යන්තම් ශේප් කරගත්ත මගේ ලඟ කොහොමද මේ තරම් නෝට් එකතු වුනේ කියන එක.අගක් මුලක් නැතිව අහුවෙන අහුවෙන එකාගෙන් ෆොටෝ කොපි කලාම මෙහෙම වෙන එක පුදුමෙකුත් නෙවෙයිනේ බැලුවම.දැන් ඉතින් පාඩම් කරපන්කෝ මේ සේරම.

“පාසලෙන් ආවේ
අපි විභාගෙන් බේරිලා
එහෙත් අපි ආයෙමත්
විභාගෙට හිර විලා”
අදත් නෝට් ටික දිහා ටිකක් වෙලා බලාගෙන් ඉඳිද්ඳී පුරුද්දට වගේ හිරුණි ව මතක් වුණා.ඒකෙත් හැටි බලාපන්කෝ…!!!එක්සෑම් කටපල්ලේ තියාගෙන හරි අදත් හිරුණි ගැන හිතන්න මට සෑහෙන්න වෙලාවක් තිබුණා.

“නුබ
වේරම්භ වාතය වගේ
ක්ශනයකින් ඇවිදින්
මුලු හිතම සුණු විසුණු කර
යන්න ගිය හැටි බලාපන්”
දැන් නම් ඉතින් පාඩම් කරනවා කියන්නේ බොරු බන්.පොත පැත්තකට විසි කරල දාලා මම පුටුවෙන් නැගිට්ටා.මම පුලුවන් තරම් හයියෙන් සින්දුවක් හයියෙන් කෑ ගහලා කියලා මම මේ ලෝකේ තාමත් වැඩිපුර ආදරේ කරන මගේ ගිටාරය ටිකක් වෙලා හුරතල් කලා.මෙහෙම ඔලුව අවුල් වෙන වෙලාවට වෙන කවුරු හුරුතල් කරන්නද බන්?

“People come and go
Like the waves of the ocean
But true once stay in your life
Like an octopus on your face…”
හැක , හැක ,හක ,හක….අනේ මන්දා මටත් හිතෙන ඒවා බැලුවම.ඒත් අප්පා කාටද ඕව බල බල ඉන්න පුලුවන්… විභාගේ ලං වෙන්න, ලං වෙන්න මගේ පිස්සුව සුසර වෙන්නේ මම නොදන්න විසි දෙවරක් චක්කරෙන්!!!
ඊටපස්සේ ජෙසිකා කතා කලා.හම්මෝ…මරාල කියන්නේ මේවට වෙන්න ඇති!!!ඒ කියන්නේ හෙට දවසෙම කුප්පී නේ..අනිත් අයට කියල දෙන්න එහෙමකට දෙයක් මම දන්නේ නැතුවට කුප්පි වලට මම යන්නේ කාගෙන්ම හරි දෙයක් මට ඉගෙනගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන නේ.හ්ම්ම්…ආයෙමත් මම හිත හදාගත්තා.
“ඉන්ග්‍රීසී හෝඩියේ මුළු අකුරු විසි හයයි
A අකුරු විසිහයෙන් මුල් අකුර A තමයි
A කාලේ A අකුරු ඔහේ ලියුවා තමයි
එහෙත් A අකුරේ හැටි දැනෙන්නේ දැන් තමයි
පුන්ච් කාලේ අපිත් A දිහා බැලුවේ නෑ
එහෙත් අද A අකුර අපි දිහා බලන් නෑ
ලකුණු 75 ක් සුළුපටු ද දෙවියනේ
A අකුර මේ තරම් වටින්නේ ඇයි අනේ…

(උපේක නිර්මාල් දිනපොත)
(මෙහි සඳහන් සියලු උපුටාගැනීම් කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්ථකාලයේ මේස මත සරසවි සිසුන් විසින් කුරුටු ගෑ නිදහස් සිතුවිලිය.)
සතියක විරාමෙකින් ආයෙමත් තැග්ගැහෙමු තුම්මුලෙදි ම.
Leave a Comment