පස්වන කොටස

” Do you know?
My heart has fall in love with you,
I don’t know who you are,
Where are you from,
The only thing I know is …
I’m loving you…
I don’t know who you are,
Where are you from,
The only thing I know is …
I’m loving you…
To – My loving stranger in law faculty
From- ………..
(Faculty of management 2017 Batch).
ඉස්සර නම් උපේක මට හරිම ස්ට්‍රේන්ජ් අනේ.මමයි රොශෙලුයි එයා ගැන ලෝකේ පෙරලා පෙරලා කාගේ කවුද,කොහේ ද කියලා රටේ නැති විස්තර හොයපු ඒ කාලේ නම් හරිම ෆන් අප්පා…පස්සේ දැනගත්තේ එයාගේ අම්මී මගේ අම්මිගේ ක්ලාස් මේට් කියලා.මම ලයිබ්‍රිරි එකේ තර්ඩ් ෆ්ලෝ එකට වෙලා උපේක එනකන් බලාගෙන හිටියා.කොහෙද ඉතින් මේ මැට්ටා ආවේ දහයත් පහු වෙලානේ අනේ…
“පිස්සෙක්ට ආදරේ කලාම ආදරෙන් පිස්සු වැටෙනවා”

- මොකද මැට්ටෝ ලේට් වුනේ?බලන්නකෝ අනේ දැන් ටයිම් එක…එයිට් තර්ටි ඉදලා මම මෙතන අනේ…?ඔයාට නම් කිසි ගාණක් නෑ…හරි නරකයි…
- මේ ජෙසී ,ඔයාට පිස්සුද හැටිද කෑගහන්නේ??? අනිත් ලමයිනුත් බලාවි ඔයාගේ මේ මල විකාරේ ඔය පාර. ප්ලීස්…කට වහගන්නවකෝ අනේ…
- ඉතින් ආදරේටනේ කිව්වේ බබා…මම ආන්ටිටත් ටෙක්ට්ස් කලා ඔයා ලේට් ඇයි බලන්න.මම හිතුවා ඔයා එයිට් තර්ටි වෙද්දී යුනි එකට ඇවිත් ඉඳී කියලනේ ඉතින්…
- අනේ ඇත්තමයි ඔයාට සිරාවටම මල පිස්සුව…!!!මොන මඟුලකට ද අපේ අම්මිට ටෙක්ස්ට් කලේ…මම ඊයේ එනවා කිව්වනේ ඔයාට.දැන් අම්මිත් බය වෙලා ඇති නේ.හරි කමක් නෑ…දැන් කොතනද තේරෙන්නේ නැත්තේ ඔයාට…?
- ෆ්ස්ට් ලෙසන් එකේ ඉදලම මොකුත්ම තේරෙන්නේ නෑ .
- ගාණට ඇඳලා , පැඳලා මූණ බෙරි කරගෙන මම එහෙම කිව්වාම උපේක කන්ට්‍රැක්ට් ලෝ ඉදලම උගන්වන්න පටන් ගත්තා. ඒත් මට යට හිතින් හොදටම හිනා.ඒ පාඩම මට හොදට තේරෙනවා.අනික මට අද කොහොම හරි උපේක ව මීට් වෙන්න මොකද්දෝ තේරෙන්නේ නැති ලොකු උවමනාවක් තිබුණා.

“මේ පුස්තකාලේ මහා පුස්තක ඇත්තේ ඒත් හදිස්සියකට ගන්නට ඕනෑ කරන පොතක් නැත්තේ”
අනේ බලන්න උපේක අපට රෙකමෙන්ඩ් කරපු කිසිම ස්ටඩි මැටීරියල් එකක් මේ ලයිබ්‍රියේ නැහැනේ.මහ ලොකුවට ෆ්ලෝස් පහක් ම තියනවා.එපා වෙනවා අනේ වෙලාවකට …අපේ තාත්තිගේ කරදරේටමයි යුනිවසිටි ආවේ..නැත්නම් මම අබ්‍රෝඩ් මොඩ්ලින් ඩිග්‍රී එකක් කරන්නනේ හිටියේ.
උපේක හරි නරකයි.බීරෙක් වගේ මොකුත් ඇහුනේ නැති ගානට එයා පාඩම කරගෙන ගියා.

“Giving love to others,
Freely expect nothing,
Return because it will,
Come back to you,
love is a healing energy,
love you my sweet heart”
- අපි හවසට ෆිල්ම් එකක් බලන්න යමුද උපේක?
- පිස්සුද? අද මට බෑ ඕව කරන්න.මට අද රෑ එලි වෙනකන් හරි නැගිටලා ඉදලා යාලුවෙක්ගෙන් පාඩමක් අහගන්න වෙනවා..නැත්නම් ඒකත් ඇණ වෙයි. ඒක මට ශුවර්.ඇයි ඔයාට අපේ අම්මි ටෙක්ස්ට් කලා කිව්වේ…අම්මී එක්කම යන එකයි ඇත්තේ…මම යනවා…පාස්ට් පේපර් කරලා එක්සෑම් එකට යනවා පණ්ඩිතකම් නැතුව දැන්.
- යනවා යන්න ඉතින්…මට මොකද…???
- උපේක එහෙම කිව්වම නම් ටිකක් දුක හිතුනා.මේ මැට්ටගේ තියන නපුරුකම..!!!මාව පොඩ්ඩක් වත් තේරුම් ගන්නේ නැහැනේ…
(ජෙසිකා පෙරේරා දිනපොත)
Leave a Comment