විශ්ව විද්‍යාලය

තුම්මුල්ල – වතාවක් ඇවිදින් අපායේ කුරුටු ගෑ කතාවක් කියවන්න…6

සයවන කොටස


“ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන,    
ඩෙනා ඩෙනෝ,    
විභාග ඉවර වී අපි ඔක්කොම ගෙදර යනෝ”
කාලෙකට පස්සේ විභාගේ ඉවර වෙලා ගෙදර යද්දී හිතේ සතුට මට වචන වලට පෙරලගන්න බෑ.ටික ටික ගෙදර කිට්ටු වෙද්දී බස් එකේ නටන්න හිතෙන තරම්.අනේ ඇත්තමයි…අම්මගේ පොලොස් ඇඹුලේ සුවඳ දැනෙන්න ගත්තා .කොහොම වුනත් එක පාරටම මට කොලඹ ගිය පලවෙනි දවස මතක් වුණා.හ්ම්ම්ම්ම්….තරිදු අයියා…


“අදට හරියට එක් වසයි
  ඔබට මා එපා වී  
මා සෙනෙහේ එපා වී  
හැර දමා ගොසින්  
අදට වසරක් පිරුණි.  
වසරකට පසුව නුබ  
බොහෝ දුර ගොසිනි අද,  
එනමුදු බොලඳ මගේ සිත…  
මගබලා හිද,  
යලි නුබ එනතුරා,  
අහිමි සෙනෙහස රැගෙන…”
ඒ තරම් ම කියලා ආදරෙන් හිටිය තරිඳු අයියගේ වෙනස් වීම නම් මට හිතාගන්න බෑ තාමත්.අඩුම තරමේ එක එස්.එම්.එස් එකක් වත් එවන්න බැරි වන තරමට ම එයාට මාව අමතක වුනේ කොහොම ද හිතද්දී ඇස් වලින් කදුලු පැන්නා.ගමේ ගියපු දවසක අහම්බෙන් හරි අපි මුණගැහෙන්නේ නැති හැටියක්නේ…
“එන් වාල්වින් මරු පක්කම්
එන් වාල්වින් තුනෛයියානවන්,
නමක්කාහ නම්මේම නාමේ,
පරුමාරික්කොණ්ඩෝම්,
එන්‍ රුමේ උන් නියාපගම් අලියාදචි,
චින්නම්…



මගේ ජීවිතයේ අනිත් පිට ඔබ,
මගේ ජීවිතයේ රැකවලා,
අපි වෙනුවෙන් අපි අපිවම හුවමාරු කරගත්තෙමු,
හැමදාමත් ඔබගේ මතකයන් නොසෑහෙන තිළිණයකි”

දැන් ඉතින් හිත හදාගන්න එක හැරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා මට හොඳටම තේරෙනවා.ඔව්…වැඩක් නෑ ඒවා දැන් හිතලා.තරිඳු අයියා අමතක කල මතකය මම…



“උනක්කු මරන්දු පෝන ඥානාපගම් නාන්
ඔබ අමතක කල මතකය මම”
සමහර දේවල් මතක් වෙද්දී ඔලුව රිදෙන්න ගන්නවා.මගෙන් කීප දවසක්ම එක එක විදියට ආදරයක් ගැන අහපු අර අයියා මම විභාගේ කාලේ දී පුස්තකාලේ ඉන්නවා දැක්කා.නිකන්ම නෙවෙයි තව උරචක්‍රමාලයකුත් එක්ක.මහ පුදුමාකාර සෙල්ලක්කාර කොල්ලෝ අද කාලේ ඉන්නේ…!!! හිතාගෙන ඇති අපි සෙල්ලම් බෝණික්කෝ කියලා.හම්මේ …. ඒ උරචක්‍රමාලේ සුකුරුත්තන් එපා ද බලන්න…මහ කොළඹ සන්නියක්!පන්සලේ නටපු නාට්‍යයකත් ඒ වගේ කෝලම් කෙල්ලෙක්ට ගමේ කොල්ලෙක් රඟපෑවා හැටි මතක් වුණා.මට ඒ වගේ විගඩම් තමයි පේන්න බැරි…!!!


“නුඹට වගේ හිත් දෙකක් මට තිබුන නම්,
සත්තයි ඒ හිත් දෙකින්ම මම නුඹට ආදරේ කරනවා.
නුඹ වගේ දෙන්නෙක්ට ආදරේ නොකර”
(නෙතූ සකුණිකා දිනපොත)
(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ මේස මත සරසවි සිසුන් විසින් සටහන් කරනු ලැබූ නිදහස් සිතිවිලි ය.)
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment