විශ්ව විද්‍යාලය

තුම්මුල්ල – වතාවක් ඇවිදින් අපායේ කුරුටු ගෑ කතාවක් කියවන්න…7

හත්වන කොටස
මේ තරම් නරක කාලයක් හීනෙකින් වත් හිතුවේ නෑ.මේ ලෝකේ හැම දේටම කියලා මට හිටියේ අම්මි විතරමයි.අම්මි…ඇයි මේ තරම් ඉක්මනටම අපිව දාලා වෙන ලෝකෙකට ගියේ…? තාත්තී අම්මිගේ ෆොටෝ එකක් දිහා බලාගෙනම ඉන්නවා දැක්කම හිත වාවන්නේ නැතුව ගියා.
“විවාහය
ප්‍රේමය නිසාම
මියදුණු ප්‍රේමය”


තාත්තී බලාගත්ත අතම බලා ඉන්නවා දැක්කම හිත රිදුම් කාගෙන ගියා.මේ ටික කාලෙට තාත්තිගේ බිස්නස් කන්ට්‍රැක්ට්ස් ගොඩක් පිට ගියා.බලාගෙනම ඉදිද්දී වගේ තාත්තිගේ බිස්නස් කඩාගෙන වැටුනා.කවදාවත් නැති තරම් මට තාත්ති ගැන දුක හිතුනා.



  ” පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ…
      අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ….
      ඇයි උබටත් ඉක්මනට බුදුවෙන්න ඕන ද?”
ඔව්…බන්…ඔව්…අපේ තාත්ති අම්මිට ඒ දවස්වල සලකපු විදිය උඹලත් දැක්කනේ.මගේ කෙල්ලටත් මම කවද හරි සලකන්නේ ඒ විදියට.

“අද අපි දෙදෙනෙකි.
             හෙට ලොව තිදෙනෙකි.
             හදේ සුසුම් මධුවිත,
             සියුමැලියේ ඒ බව දැනුනා”
ඒත් හිරුණි සෑහෙන්න මාව මඟහරිනවා කියලා මට ම තේරෙණවා.ඇයි බන් ඒකි මට ඒ තරම් ම අකමැති? ඇයි බන් අම්මී මේ තරම් ඉක්මනට මාව දාල ගියේ.මට මගේ හැමදේම කියන්න හිටියේ මගේ අම්මි නේ..ඇයි හිරුණි මාව තේරුම් ගන්නේ නැත්තේ..ඇයි හිරුණි …???
දැන්වත් නවත්තපන්කෝ හිරුණි ගාන එක.ඒකිගේ ඇත්ත නම නෙතූ කියලා උඹ දන්නවනේ හොදටම…?
මගේ ජීවීතේ හරි ඉක්මනට වෙනස් වුණා වගේ.සෙමෙස්ට එකේ සබ්ජෙක්ට් හතෙන් පහක් රිපීට් ගිහින් තියනවා දැක්කම එපා වෙලා ගියා ජිවිතේම.ගෝලඩ් ලේබල්,බ්ලූ ලේබල්,බැල්ක් ලේබල් ග්ලාන්ස්, ඇබ්සොලුට්,බකාඩී උඩ යාලුවෝ එක්ක දන්නෙම නැතුව කාලය ඔහේ ගෙවිලා ගියා.

“ලැබුනේ අවවාද මට ගොඩයන්නටය
   කෙල්ලෙක් නිසා සිදු වුයේ බොන්නටය
   මම පෙර ගියේ වරදින් පිරි පාරකය
   ඒ ගිය මගේ අවසානය General ය”
මට මම ගැන හිතෙද්දී හරි දුකයි බන්..මගේ ප්‍රශ්න වලට මම උත්තර හොයන්නෙම දැන් හරිම වැරදි විදියට.
“ලොක්කෙක් වුණාට වැඩක් නෑ..උඹත් මම වගේ නම්”



මට වෙනස් වෙන්න ඕන බන්…අනේ මගේ නෙතූ මට වෙනස් වෙන්න විතරක් වත් උදව් කරන්න…ඔව්…වෙනස් වෙන්න විතරක්…

“අඳුරු අහසට හිරු එලිය දෙනව වගේ,
ඉඩෝරයටත් කවද හරි වහීවී .
පරක්කු නෑ තවම මුරණ්ඩු ජීවිතේකට අකීකරු විප්ලවයක් කරන්න”



(උපේක නිර්මාල් දින පොත)

(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ මේස මත සරසවි සිසුන් විසින් සටහන් කරනු ලැබූ නිදහස් සිතිවිලි ය.)
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment