නිසදැස් විශ්ව විද්‍යාලය සාමාන්‍ය

තුම්මුල්ල – වතාවක් ඇවිදින් අපායේ කුරුටු ගෑ කතාවක් කියවන්න…8

අටවන කොටස
                                                         “ඔබ ආදරය නොකරන
                                                          එහෙත් ඔබටම ආදරය කරන
                                                          වැරදිකාර පෙම්වතියයි මා”

උපේක මට මේ තරම් කියලා එක පොඩ්ඩක්වත් මට ආදරේ නෑ කියලා මම හොඳටම දන්නවා.උපේකගේ අම්මිත් නැති වුණාම එයාට මගේ ආදරේ මහමෙරක් වෙයි කියලා මම හිතුවට ඒක එහෙම වුනේ නෑ.ඔව්…උපේකට මාව ඒ තරම් ෆීල් වුනේ නෑ කියලා දැන් මට තේරෙණවා.


“පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මුහුණේ
නලළත මා සිත්තම් කල කුන්කුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ”



උපේක කියන විදියට එයාට මාව ඉස්සර ඉඳලම දැනිලා තියෙන්නේ යාළුවෙක් විදියට විතරමයි.එයා කියන්නේ මාව ආශ්‍රය කලේ යාලුවෙක් විදියට විතරමයිලු. හ්ම්ම්…සමහරවිට මම හිතින් ගොඩක් දුරයන්න ඇති.


“සරසවියේ දී නෙතඟ හමු වී
  එකට එක් වූ ආදරේ…
  විටෙක සතුටක් විටෙක කඳුලක්
  එක් කලා අපේ ආදරේ…
  ඔබේ වන්නට නොහැකි නම්
  දිවිය තනියම ගෙවන්නම්
  සන්සාරේ කොතැනක ඔබේ වන්නට
  පෙරුම් දම් මම පුරන්නම්…”



කොන්වොකේශන් එක ඉවර වෙලා BMICH එකේ ඉඳන් ආයෙත් ගෙදර එනකන්ම එක දිගට මම හිතුවේ මේ ගැන.අනිත් හැමෝම ලමයි අද සතුටින් හිටියට මට ඒ හැටි සතුටක් නැත්තේ ඇයි කියලා විතරක් නම් මගෙන් අහන්න එපා.ඇත්තමයි…
යුනිවසිටි එකේ ත්‍රී ඉයර්ස් මම ගෙවා ගත්තේ හරි පුදුම අමාරුවෙන්.ඒ තරම් ම මට බෝරින් කාලයක්! දෛවයට වැරදිලා වගේ මම ඉගෙනගත්තේ මට ගැලපෙන්නේ නැති ,ගලපගන්න ආමාරු ස්ට්‍රීම් එකකින්.ඒත් මට සතුටුයි මගේ ඉස්සරම හීනේ හොයාගෙන නෙක්ස්ට් වීක් එකේම ෆ්ලයි කරනවා කියලා මතක් වෙද්දී…අනේ උපේක…ඔයා විතරක්ම නෙවී මම මේ හැමදේම දාලා U.S.A යන්න ඩිශිෂන් එක අරන් දැන් ඉවරයි.මගේ හිතට හරි පුදුම දුකයි.ඇස් දෙක ඇතුලේ පොර අල්ලා අල්ලා හිටිය කඳුලු කැට එලියට පනින්න වැඩි වෙලා ගියේ නෑ…
අනේ උපේක….ආයෙමත් ඔයා ඉස්සර වගේම සතුටින් ඉන්නවා බලන්න ගොඩක් කැමති කෙනෙක් මම.මේ විදියට සුබ පතලා ඔයාගේ ජීවිතෙන් ඈත් වෙනවා මම.හොඳින් ඉන්න බබා…


“ආයෙමත් අපි හමුනොවනු ඇති
හීන විතරක් දෙනෙත් ලඟ ඇති
හමු වුණත් නොවුණත් කමක් නෑ
මගේ ආදරේ හැමදාම ලඟ ඇති”



(ජෙසිකා පෙරේරා දිනපොත)
(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ මේස මත සරසවි සිසුන් විසින් සටහන් කරනු ලැබූ නිදහස් සිතිවිලි ය.)
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment