අවසන් කොටස අරහෙන් මෙහෙන් තුන්මුල්ලේ ගස් වල පිපුණු රොබරෝසියා මල් ටිකත් පුරවර අම්ල වැස්සෙන් හේදිලා ගියා.
“ජීවිතය ජයගත් බව සිතා
වාසිටිය සුරපුරක් යැයි සිතා
සිව් වසර ගෙවෙතැයි සිත සිතා
අපි උන්නේ අපි පමණයි සිතා
ජීවිතයේ මාවත වෙනස් වූවෝ
අද ඉහල තැන්වල සැපත් වූවෝ
අපි තවම පොත් ගුල්ලන්ම වූවෝ
ඩිග්‍රියේ සුසුමන් සිර කෙරුවෝ”
උපාධිය උපේක අයියා අතෑරලා දැන් අවුරුද්දකට කිට්ටු ඇති මගේ හිතේ.තරුණ ව්‍යවසායකයන්ගේ සමුළුවක උපේක අයියා කතා කරන පොටෝ එකක් පත්තරේ දැක්කම සිතේ සතුට එක්කම හිත හිරිවැටිලා ගියා.
“මම දුප්පත් කෙල්ලෙක් බව ඇත්ත.ඒත් මේ හිතින් ඔයාට දීපු ආදරේ ගොඩක් බෝසත් රත්තරන්.මම ලස්සන නැති බව ඇත්ත.ඒත් මේ අහින්සක හිතින් කොයි තරම් ලස්සන ආදරයක් දුන්නද කියලා ඔයා දන්නේ නෑ.කවුරුවත් ආදරේ නොකරපු තරම් මම ඔයාට ආදරේ කලා.ඔයා වෙනුවෙන් කවුරුවත් නොඅඬපු තරම් මම ඇඩුවා.ඒත් ඔයා මගේ කඳුලු වලට හිනා වුනා.” අනේ උපේක අයියේ…ඇස් වලින් කඳුලු ගෙඩි ගෙඩි කඩා වැටෙන එක නෙවී මට තේරෙන්නේ නැත්තේ.මිනිස්සු මේ තරම් ඉක්මනට වෙනස් වෙන්නේ කොහොම ද කියලා.එතකොට මට මගේ ජිවිතේ අන්තිම දශමෙට ම එපා වෙලා යනවා.
"උපේක අයියා, අහිමි මම ඔබ ඈ සමඟ මේ සරසවි පින් බිමේ... කොහිද අද ඔබත් ඈත් මාත් වෙන්ව ඇත අප අද සිව්කොනේ සකූ බබා"
මට ජීවිතේ අනිත්‍ය බවක් කවදාවත් නැති විදියට දැනෙන්න ගත්තා.කවදාවත් නැති තරම් තනිකක් මේ පුරවර පින් බිමේ දී දැනෙන්න ගත්තා.එහෙන් මෙහෙන් අන්තිමට ගිහින් මට ආයෙත් මතක් වුණා තරිඳු අයියව…අනේ තරිඳු අයියේ ඔයාට වත් ඉන්න තැනක ඉඳන් මගේ දුක දැනෙනව ද….?තරිඳු අයියා තරම් හරි ආදරෙන් ,වගකීමෙන් මගේ අහස තරණය කල අජටාකාශගාමියෙක් නැතුව ඇති.තවත් මොකුත්ම ලියන්න තරම් අනේ මගේ හිතට නෑ හයියක්…
“ඇත්තමයි නුබ අහසක් වගේමයි දැනුණා…මම එහි අජටාකාශගාමියා වෙමි”
(නෙතූ සකුණිකා දිනපොත)
– නිමි –
අදහස : සිතිර කරුණාතිලක මදුනි රාජපක්ෂ ඡායාරූප: කලනි යටවර සචිනි විතානගේ සහය : හිමාල් චලිත් මෙලන්ක
Leave a Comment