නිසදැස්

දකින දසුනක රඟ…

සුවඳ අතුරන සුළඟකට අද
සත්සරය මැද ගලපමින් පද
ගගන සරමින් දෙරණ රඳමින්
වදන් අමුණයි නෙතු දකින රඟ…

එදා සමුදුර නීල සළුවෙන්
වැසී ලක්දිව වට කරන් හිඳ
දෙරණ කඳු මැද ලතාවට හිඳ
ගැලූ හැටි හරි සුන්දරයි සඳ…

ගගන සළු යට ගලා ගිය දිය
ගැලූ ගඟුලැලි සතර අත දිග
හැලුනු දිය ඇලි සේල කඳු මැද
අහෝ අද නැති හැඩකි දුටුවම…

වන සිසාරා නැගුනු ගර්ජා
කුංච නාදෙට ගැයුනු ගී නද
අතුරුදන් වී මහා වන ගජ
හඬා වැටෙමින් යකඩ හඬ මැද…

කාසි පනමට තබා සොබදම්
දිනූ විලසින් හිටි වනත් අද
නිසැක දිනයක හඬනු ඇති නුඹ
සිනාසෙනු ඇත සොබාදම දින…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment