පැතුම් දහසක් හිත යට තුරුලු කරගෙන
සිත් මානයට පෑයූ සඳ නුඹයි
මුවගට කැන්ඳන සිනහාවෙන්
මුළු නිවසම කළඑළි කළේ නුඹයි…
උදේ හවස වෙහෙස වී
මුළු ගතම දහදියෙන් පොගවා
ගැටෙන මහ පොළොව
කටුකයි…
ජීවිතයට දුන් අවවාද අගනේය බොහොම
මගේ දිවිය පුරා
අදත් හෙටත් ආදරයෙන්
ළඟින් ඉන්නා එකම වීරයා
නුඹයි දයාබර තාත්තේ…
Leave a Comment