දයාබර වු අනාගතයකට,
අතීතයේ සිදු වු සියළු දේ පන්නරයක්, ජවයක්, ආත්මාභිමානයක් කොටගෙන වර්තමානය සුවසේ විදින්නට ඉඩ හරින්න.
පාළු නිසල මනරම් යාමයකදී , හදවත ගැහෙන රිද්මයට සවන් දෙමින් නිහඩ බව අගයන්න, හිස් බව අර්ථ කොටගෙන හුදකලාව ප්‍රිය කරන්න ඉඩ හරින්න.
උද්යෝගීමත් වචනයෙන් මිතුරන්ට සවියක් වෙමින්ද, ජීවන ගංගාව පැද යන්න රුකුල් දෙන සෑම සියළු දෙනාටම ස්තූතිවන්ත වන්නටද ඉඩ සලසා දෙන්න.
ඇති දෙයින් තුටු වන්නත්, නැති දෙය ළගා කර ගැනීමේ යහපත් උත්සාහයත්, නැතිනම් අතහැර දැමීමත් පුරුදු වන්න ඉඩ හරින්න.
දහිරිය මාගේ හොදම මිතුරා කර දෙන්න, කිසි විටෙකත් ඔහුට මා හැර යන්න ඉඩ නොදෙන්න.
ඉගෙන ගැනීමට තව තවත් අවස්ථාව සලසා දෙන්න. ඉගෙන ගත් දෙය යොදවන්නට මග පෙන්වන්න. යෙදවූ දෙය ලෝකයා සමග බෙදා ගන්නටත් ඉඩ සාදා දෙන්න.
නිහතමානි වන යුරු කියා දෙන්න. අනුන්ගේ සිත් නොරිදන්නට වග බලා ගන්නේ කෙසේදැයි පෙන්වන්න. නිතරම පරිත්‍යාගශීලි වන්නටත් පාර කියන්න.
අස්ථිර වූ මිහිතලයේ ස්ථිර වූ එකම දෙය වෙනස් වීම බව වටහා ගනිමින් අනාගතය වෙත පිය මනින්න දොරගුළු විවර කර දෙන්න…
Leave a Comment