ගම් දනව් නගර සිසාරා මහත් පාළුවකි. නොයෙක් ප්‍රදේශවලට ඇඳිරි නීතියයි. නිකරුනේ සැරිසරන මනුෂ්‍ය පුළුටක් දක්නට ලැබුණොත් ඒ ගෙයක් දොරක් නොමැති සිඟා යදින්නෙකි. වෙනදට කෑ මොර දිදී බඩු විකුණන සෙනසුරාදා පොළ ද අද හ්ම්ම්ම් ශබ්දයකුදු නැත. කිමද මේ හැටි නිහැඬියාවක්… ???
කොරෝනා කළ විනාසයක් නොවේද මේ ?
රටක් ලෝකයක් නිහඬ කරන්නට කොහෙන් ආ හැකියාවක්ද..??
කොරෝනා…
ගෙවුණු සති කිහිපය මුළුල්ලේම අහිංසක මිනිසුන්ගේ ශරීරයට රිංගා ඇත්තේ කිසිදු හැල හොල්මනක් නැතිවයි. පොකුර පිටින්ම අපේ මිනිසුන් ලෙඩ ඇඳට වැටෙද්දී ඒ වේදනාවන් කෙසේ නම් දරා ගන්නද? තැන තැන ආරම්භයන් ඇතත් කිසිදු තැනක ඉවරයකුදු නැත. නන්දෙසින් පොකුරු පිටින් අලුත් රෝගීන් හමුවේ. වීරෝදාර හමුදා සෙබළුන්ට ද සුවවිරුවන් වන් වෛද්‍යවරුන්ටද ගෙයක් දොරක් නොමැති ගානය. අතීතය දෙස බැලූ විට පසුතැවිලි වන්නට නොයෙක් කරුණු කාරණා ඇතත් දැන් එයින් පලක් ඇති යැයි කිව නොහැක. දැන් ඒවා මතක් කිරිම ගඟට ඉනි කැපීමක් පමණි.
මොහොතක් හිඳින්න!!!
මේ සා විනාශයක් කිරීමට කොරෝනාවට පමණක් දස්කම් පෑමට දිගටම ඉඩ දිය යුතු ද? කිසිවක් නොකර බලා හිඳ දිනුම රැගෙන යන තෙක් ඉඩ හසර දී ලබා දිය යුතු ද? සියල්ල වෛද්‍යවරු සහ වීරෝදාර හමුදාව කරන තෙක්??
එය හුදෙක් ලෝවැසි ඔබ සතු තීරණයකි.
නිරෝගී දේශයක පැවැත්ම ඔබ දෑතේ රැඳී ඇත්තකි.
ඉතින් එවන් දේශයක් උදෙසා සිහියෙන් කටයුතු කිරීම නොවෙද කළ යුත්තේ???
මේ හදවතට නොව… බුද්ධියට ඉඩ දිය යුතු කාලයයි…
රටේ වගකීම ඔබේ දෑතේ රැඳී තිබෙන කාලයයි.
අපි කෝරෝනාව පරදමු.
හැකිතාක් වෛද්‍ය උපදෙස් පිළිපදිමු…
වරක් දිනූ අපට නැවතත් දිනුමට අවශ්‍ය කැපවීම පමණි.
ඔබේත්… මගේත්… සියල්ලන්ගේමත්…
Image source:
Leave a Comment