“සුදු පුතේ, නුඹ නිදි ද?”
දහයේ කණිසමට හෝරාව යි ඉතුරු…
“සිහිනෙන් මෙන් ඇසුණු හඬට
තව ටිකක් ගුලි වුණ උණුහුමට”
තප්පරයක් යන්නට මත්තෙන්,
සිහි වුණා හිමාලයේ සිසිලසක්…
දෑස් හැර බැලූ විට දෑස අද්දර
දත් විලිස්සා ගත් මුර්ගයෙක්,
කාකි කබායක් ඇඟ ලා ගෙන
අත දරා ගෙන පනිට්ටුවක්…
අමතක වූ මතකයක් සිහියට නැගුණි ආයෙත්…
ඉතින් අද, නවම් මහේ අවසන් ඉරුදින,
දහයේ කණිසමට උරුම බැව් පෝරකය…
Leave a Comment