පුරවර සෙංකඩගල සිරි නරඹන
මහ නද දී බුදු හිමි ගුණ වන්දන
හේවිසි බෙර හඬ ගගනත නංවන
ඇසළ මහේ මහා මංගල පුදසුන
සුවසූ දහසක් ධර්මය ස්පර්ශිත
තෙද බල පින්බර මල් වැසි වස්සන
පිනැති හස්ති රජු මස්තක බැබළෙන
උත්තම සිරි දළදා හිමි නැමදුම
සකල කලා හෙළ හැම සිරි නන්දන
පන්දම් ගිනි කෙළි එළි රැස් විහිදෙන
සාදු නාද බැති ගී හද බන්ඳන
නරඹන් පුරවර රන්දෝලියෙ ලස්සන…
Leave a Comment