නුඹත් දන්නැති ගොඩක් කවි වල තවම නුඹෙ නම තියනවා…
සදළු තල හිමි ලෝක වල නුඹ හැඩට සිතුවම් මවනවා…
සදළු තලයක් නොමැති මා ගෙයි පිල් වැටිය ඉඩ හදනවා…
ගොම්මනේ පිල් වැටිය උඩ මම අපිව යා කර ගන්නවා…
උණුසුමට වට පින්න මියැඳුණු අමාවක බොල් අහස පාමුල…
එදා සුසුමක් බෙදාගත් ඒ තරුව තාමත් තියෙනවා…
දන්නෙ නැතුවම මගේ හිත අද සඳට කවි පද ලියනවා…
හෙටින් පසු යම් දිනක ආයිත් අමාවක එයි දන්නවා…
එදත් මගෙ දුක බෙදා ගන්නට තරුව ඉන්නව දැනෙනවා…
දැනෙන දුරකට පේන මානෙන් තනි රකින ඔබ දෙස බලන් මං…
අමාවක නැති දිනක් එන කල් අදත් පෙරමං බලනවා…
නොදන්නව වුව අමාවක නැති දිනක් මට හරි වටිනවා…
Leave a Comment