දැනුම

දැයක් වෙනුවෙන් හඬ නැගූ අභීත පුත්‍රයා

සිරිත් විරිත්, දේශීය ආහාර පාන, දේශීය ඇඳුම් පැළඳුම් වියකෙමින් යන කාලයක ජාතිය නගා සිටුවිය හැකි නායකයකු ශ්‍රී ලංකාවට අවශ්‍ය ව තිබුණු අඳුරු යුගයක එතුමා මෙරටට පහළ වූයේ දේශයේ පෙර පිනකටය. ඒ 1864 සැප්තම්බර් 17 වනදා කොළඹ කොටහේනේදී ය. මාතර හිත්තැටියේ ජනිත වූ දොන් කරෝලිස් හේවාවිතාරණ පියා වූ අතර මල්ලිකා හේවාවිතාරණ මෑණියන් විය. මෙ කල පල්ලියේ ආධිපත්‍ය හේතුවෙන් දොන් ඩෙවිඩ් කරෝලිස් ලෙස ඔහුට නම් තබන ලදි. දොන් කරෝලිස් හේවාවිතාරණ සාන්ත බෙනඩික් ක්‍රිස්තියානි පාසලටත්, කොටහේන බැප්ටිස් විදුහලටත් ඉන් අනතුරුව ගල්කිස්ස තෝමස් විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබීය. මෙම පාසල් වල හදාරනු ලැබූ විෂයන් වනුයේ ගණිතය, ඉංග්‍රීසි සහ ක්‍රිස්තියානි ආගමයි

වරෙක දොන් කරෝලිස් හේවාවිතාරණයන් තම පාසල් අධ්‍යාපනය ගැන මෙසේ ප්‍රකාශ කර ඇත.

“අනෙක් දරුවන් මෙන් මා ද මිෂනාරි පාසලකට යොමු කෙරුණි. ඒ පාසලේ ආගමික උත්සව වලට මගේ පියාගේ ගෙවත්තේ මල් කඩාගෙන ඒවා පාසලට ගෙන ගියෙමි. මට පූජකවරු ආදරය කළහ. එක් පූජකවරයෙක් මට ඇසෙන්නට මෙසේ කීහ. නුඹලගෙ රටට ආවේ නුඹලට ඉංග්‍රීසි හා ගණිතය උගන්වන්න නෙමෙයි. අපි ආවේ නුඹලට හොඳින් ක්‍රිස්තියානි ධර්මය උගන්වන්නයි.” 

බ්‍රිතාන්‍යයන් මෙරට දියත් කළ පරගැති  ආර්ථිකය වෙනුවට දේශයට සරිලන නිවැරදි ආර්ථික පිළිවෙත හඳුන්වා දුන්නේ ද ධර්මපාල තුමාය. ඒ අනුව මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ප්‍රමුඛත්වෙහි ලා කටයුතු කළේය. ලංකාවේ සිංහල ජාතියත් බුදු දහමත් ප්‍රචලිත වූයේ අනගාරික ධර්මපාල තුමා නිසාය. බුද්ධගයාව හින්දූන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටි කාලයක සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව් යනුවෙන් ප්‍රකාශ කර බුද්ධගයාව බේරා ගෙන බෞද්ධයින්ට වැදුම් පිදුම් කරන්නට අවස්ථාව ලබාදුනි. සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහඟු සටනක් කළ අයෙක් ලෙස එතුමා හඳුන්වාදිය හැකිය. 

ඔහුගේ ප්‍රථම රැකියාව ලෙස රජයේ ලිපිකරු රැකියාවක් ලැබුණ අතර එයින් කෙටි කලකින්ම නික්ම යන්නේ සම්බුදු ශාසනයේ අභිවෘද්ධිය  තකා කටයුතු කිරීමටය. මේ උදාර අභිප්‍රායට උර දෙමින් වීර පුරුෂයාගේ ගති ලක්ෂණ මනාව වටහාගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ඩේවිඩ් තරුණයාගේ සිතගියාව හේවාවිතාරණ යුවළට පහදා දුන්නේය. එයින් පළමුවැන්න ලෙස ඩේවිඩ් හේවාවිතාරණ බ්‍රාහ්මචාරී පිළිවෙත අනුගමනය කරන්නට විය. බ්‍රාහ්මචාරී පිළිවෙත අනුගමනය කරන්න කැමති බව අසා පුතේ උඹ බුදු වෙයන්යනුවෙන් කිසිම අම්මා කෙනෙකු නොකරන කාලයේ සුබ පැතුමක් ඔහුගේ මව සිදු කළාය. ඉන් අනතුරුව තම නම ඉවත් කර සිංහල නමක් එක්කර ගත්තේය. ගිහිගෙය කටයුතු කොකරන බැවින් අනගාරික නම ද ධර්මපාල නාමය එක් වී අනගාරික ධර්මපාල ලෙස ප්‍රචලිත විය. 

ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස 1880 වර්ෂයේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා හා බ්ලැවැට්ස්කි මැතිණිය ලංකාවට පැමිණීමත්, ඉන් අනතුරුව ක්‍රි.ව. 1891 දී ඕල්කට් තුමා සමඟ එක්ව කොළඹ මහාබෝධි සංගමය පිහිටු වීය. බෞද්ධ පාසල් ආරම්භ කිරීමට ප්‍රමුඛව කටයුතු කළේය. ප්‍රථමයෙන්ම පිරිමි පාසල් ආරම්භ කළහ. ඒ අතර කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය ආදී පිරිමි පාසලුත් කොළඹ මියුසියස් විද්‍යාලය විශාඛා විද්‍යාලය ආදී කාන්තා පාසලුත් ආරම්භ කළහ. එමෙන්ම අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය ලබා දීම. පෝය රජය නිවාඩු දිනයක් කිරීමට මූලික වීම හා බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම සඳහා මූලික වීම. සිංහලයන්ගේ ගතානුගතික අදහස් වෙනස් කිරීමට සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කිරීම. ගණිකා මඬම් තහනම් කිරීම. සිංහල සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට දෑවැද්ද තහනම් කිරීම.

සිංහලයිනි අවදිවව්, අලසකම දුරලව්, පර සිරිත් අත්හරිව්, මත්පැන් නොබොව්, පර සුද්දන්ට බිය නොවව්, ඉදිරියට යව් ආදී ප්‍රකාශ කර, නිදා සිටි  සිංහලයා අවදි කළේය. 1931 ජූලි 13 ධර්මපාල තුමා බරණැස ඉසිපතනාරාමයේ දී පැවිදි දිවියට ඇතුළත් වූ අතර ඉන්පසුව ඔහු හැඳින්වූයේ සිරි දේවමිත්ත ධර්මපාල නාමයෙනි. තම උපන් බිමට උදාර සේවයක් කළ මේ අභීත පෞරුෂය 1933 නිවී යන්නේ කිසිදා පිරවිය නොහැකි අඩුවක් එකතු කරමිනි.

Design by : Shanaka Vishwantha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චතුරංග පෙරෙරා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment