නිදහස් සුළඟ
නිදහස් වාතය
නිදහස් සිතුවිලි
නිවහල් දේශය
නිවහල් ජාතිය උතුරේ සිට දකුණට එක ලෙස යා වුණා වූ සහෝදරත්වය, ලෙයට ලෙය, ප්‍රාණයට ප්‍රාණය පැතූ එකම භූමිය ජීවත් වූ භාෂා ද්විත්වයක සංග්‍රාමයේ අවසානය අනාගතයට සිහිනහවක් පමණක් ඉතිරි කරමින් අනාගත කිරි කැටියන්ටද නිදහස් නිවහල් දේශයක් උරුම කළ යුග පුරුෂයෙකුගේ ජන්මය මීට වසර පනස් හතකට පෙර අද වන් දිනෙක සුභ මොහොතින් සිදුවිය.
සුමන බන්දු සිල්වා පියාණන්ට සහ ක්‍රේසී ද සිල්වා මැණියන්ට දාව 1964 ජුනි 22 මාතලේ දී උපත ලබන වීර අභීත පුත් රුවනක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ 30 අවුරුදු ඛේදවාචකයකට තිත තැබීමට දායක වූ පළමු පෙළ සාමාජිකයෙක් ලෙස ඉතිහාස පොතට එක්කාසු වන අතරතුරදීම නොසිතූ ඛේදවාචකයකට ලෝකයම මුහුණදුන් අවස්ථාවකදී එයට මුහුණ දීමටද ඔහු ලාංකිකයන්ට ලබාදෙන්නේ නොමද සහයෝගයකි, අසීමිත ධෛර්යකි, කියා නිමකළ නොහැකි ආත්ම විශ්වාසයකි. ඒ වෙන කවරෙකුත් නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමායි. එසේනම් අවසරයි ගුණ වයමින් මෙසේ සුභ පතන්නට ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි ඔබට.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයෙන්, මාතලේ විජය විද්‍යාලයෙන් සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරන ලදි. එවකට ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද පත්ව සිටි අතර පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ නායකත්වයද ගෙන කටයුතු කරන ලදි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මහත් සේ ඇළුම් කළ මෙතුමා ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙමින් කටයුතු කළ දක්ෂ ක්‍රීඩකයෙකු විය. පාසල් සමයේ සිටම නායකත්වය තම ජීවිතයෙහිම කොටසක් කරගත් මෙතුමන් සෑම මොහොතකදීම උපදෙස් පමණක් දෙන නායකයෙකු නොවුණු අතර සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ජයග්‍රහණයෙහි මග පෙන්වන්නෙකුද විය.
1984 මාර්තු 5 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඇකඩමියේ 19 වන නිලධාරී බඳවා ගැනීම හරහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතේ පුහුණුවක් ලබා ගැනීම ආරම්භ කරන ලද අතර පුහුණුව අවසානයේදී 1985 නොවැම්බර් 16 ගජබා රෙජිමේන්තුවට සෘජුවම පත්කළ අතර පසුව විශේෂ හමුදා රෙජිමේන්තුවෙහි පූර්වගාමියෙකු ලෙස වේගවත් යෙදවීමේ බලකාය දක්වා වර්ධනය විය. මොහු කමාන්ඩෝ පුහුණුවෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවට මාරුවිය.
1987 දී ඔහු මේජර් ගෝඨාභය රාජපක්ෂගේ අණ යටතේ පළවෙනි බල ඇණියේ අනුශාසක ලෙස වඩමාරච්චි මෙහෙයුමට සහභාගී වුණු මොහු එම මෙහෙයුමේදී තුවාල ලැබූ පසු කොළඹ ජනාධිපති මන්දිරයේ ජනාධිපති ආරක්ෂක හමුදා ඒකකයේ ප්‍රධානියා ලෙස සේවය කරන ලදි. ඉන් පසු ශ්‍රී ලංකා හමුදා ඇකඩමියේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලදි.
1995 රිවිරෙසා මෙහෙයුමේදී පාබල බල ඇණියේ අණ දුන් ලාබාලතම නිලධාරියා වූ මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙතෙක් බිහි කළ ලාබාලතම අණ දෙන නිලධාරියා විය.
1995 සිට 1998 අතර කාලවකවානුවේදී ගජබා රෙජිමේන්තුවේ 1, 5 සහ 8 වන බල ඇණි වල අණ දෙන නිලධාරියා ලෙස සේවය කරන ලදි. ඉන් අනතුරුව 2002 – 2004 සාම සාකච්ඡා කාලවකවානුව අතරතුරදී A-9 ප්‍රධාන සැපයුම් මාර්ගය ජනසතු කිරීම සඳහා සාකච්ඡා වලට ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් සම්බන්ධ විය. 2005 දී නිලධාරී ශිෂ්‍ය භට අංශයේ අණ දෙන නිලධාරියා ලෙස ශ්‍රී ලංකා හමුදා ඇකඩමියට මාරු වූ මොහු පසු කාලීනව යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙසටත්, සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලයේ, පුහුණු අධ්‍යක්ෂ කාර්යාලයේ සහ යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානයේ සාමාන්‍ය මාණ්ඩලික නිලධාරියෙක් ලෙසද සේවය කරන ලදි.
සටන් කාල සීමාව නැවත ආරම්භ වීමත් සමඟ ඔහු ගුවන් ජංගම බලකායේ බ්‍රිගේඩිය අණ දෙන නිලධාරියා බවට පත් විය. මොහුගේ ක්‍රියා කලාපය 2006 අගෝස්තූහීදී මහමලේයී ඉදිරි ආරක්ෂක මාර්ගය අල්ලා ගැනීමට බෙහෙවින් උපකාරී විය. ඉන් අනතුරුව 58 සේනාංකයේ අණදෙන නිලධාරී ලෙස පත්වන මොහු එක්තරා අවස්ථාවකදී තම අත්දැකීම් මාධ්‍ය වෙත දක්වමින් ප්‍රකාශ කරනුයේ 58 සේනාංකය භාරගන්නා මොහොත වන විටදී ද ඔහු ඉතා කණිෂ්ඨ නිලධාරියෙකු බවත් තමා බ්‍රිගේඩිය තනතුර සඳහා පත් වූ මුල් කාල සීමාව බවත්ය. එවිට නිවේදකයා නැවතත් ප්‍රති ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රශ්න කරනුයේ,
“ඒ කියන්නේ හමුදාපතිවරයා දැක්කද ඔබ මෙතෙනට සුදුසු බව, දක්ෂයි කියලා”
එවිට ඊට සෘජුවම පිළිතුරු දෙන විනය ගරුක, දක්ෂ හමුදා නිලධාරියෙකු වන එතුමා පවසනුයේ,
“එය එතුමාගෙන් අහන්න ඕන දෙයක්. මම එය දන්නේ නෑ… මම දන්නේ මම අවංකව කැපවෙලා වැඩ කළා කියලා විතරයි. ඒ ඇරුනම මගේ තත්වේ ගැන මට කියන්න බෑ…”
ඉහළතම මුල් පුටු හෙබවුවද වැනෙනා පිළිතුරු දෙන සමාජ ක්‍රමයක් තුළ සෘජුවම පිළිතුරු ලබා දෙන අවංක නිළධාරියෙකු ලෙස කා අතරත් ඔහු ප්‍රචලිත වීමට හේතුව කවරේද යන පැනය නැගුවහොත් මෙය ඒ සඳහා කදිම නිදසුනක් වනු නොඅනුමානය.
58 සේනාංකයට අණ දෙමින් එහි සේනංකාධීපතිවරයා ලෙස කටයුතු කරන කාල සීමාව අතර තුරදී මොහු වෙඩිතලතිව්, නච්චිකුඩා, මුලත්ගත්ව්, පුනරින්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, ධර්මපුරම්, විශ්වමඩු, සුවන්දිපුරම්, තේවිපුරම්, පුදුකුඩිරිප්පු, පුදුමාතලම්, වෙල්ලමුල්ලි වයික්කාල් යන ප්‍රදේශ මදා ගැනීමට කටයුතු කළ අතරම එල්. ටී. ටී. ඊ. අවසාන කොටස වන මුලතිව් දිස්ත්‍රික්කයේ කරයමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් කලපුව ආශ්‍රිත ප්‍රදේශයද මොහු ඇතුළු මොහුගේ සේනාංකය එක්ව මුදා ගැනීමට කටයුතු කරන ලදි. යුද්ධ බිමෙහි ත්‍රාසජනක අත්දැකීම් ජනතාව සමඟ බෙදාගැනීමට එක් වූ එක්තරා අවස්ථාවකදී ඔහු මෙසේ ප්‍රකාශ කරන ලදි.
“මම දැන් මෙහෙම කතා කළාට මේ කතා කරන තත්වේ නෙවෙයි එතන. ඉස්සරහට ගියාම නැවත ආයෙම එන්න වෙයිද කියන කිසිම බලාපොරොත්තුවකින් නෙවෙයි යන්නේ… අපි සේනාංකාධිපතිවරු වුණා කියලා පිටිපස්ස්සට වෙලා ඉදපු මිනිස්සු නෙවෙයි. අපි ඉස්සරහට යනවා අපිත් ඉන්නේ යුද්ධ පිටියේ ඉතින් අපේ ජිවිතේට හානිවෙන්න තියෙන අවස්ථාව 100% යි, 50% ක් 60% ක් නෙවෙයි.”
ඒ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ එතුමන් සතු අභීත නායකත්වය නොවේද? වීරෝධාර රණවිරුවෙකු සතුව පවතින සෘජු භාවය, නොනැමෙන සුළු වීරෝධාර පෞර්ෂත්වය නොවේද? නායකයෙකු සතුවිය යුතු උතුම් නායකත්වය නොවේද? නායකයෙකු සෑම විටම තම කණ්ඩායම සමඟ වාසය කරයි. තම කණ්ඩායමට නායකත්වය දෙන අභීත නායකයා කණ්ඩායමේ ඉදිරි පෙළ හොබවනවා මිසෙක කිසිඳු විටක තම සාමාජිකයින් බිල්ලට දී පසුපසට නොයයි. ඔවුන් සමඟ මියෙන්නට වුවද සූදානමින් සිටියි. ශවේන්ද්‍ර සිල්වා යනුද එලෙසම අභීත නායකතවයකින් හෙබි වීරෝධාර රණවිරු රත්නයක් නොවේදැයි ඔබ මඳක් සිතා බලන්න.
මෙතුමා පවසන ආකාරයට එක් අවස්ථාවකදී අවසාන සටන් භූමියේදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් තමන් සතු සියලූම ශක්තිය යොදා තම සේනාංකයට ප්‍රහාරයක් එල්ල කර අතර එය මරාගෙන මැරෙනා බෝම්බ ප්‍රහාරයකි. ඒ අවස්ථාවේදී එතුමන් සේනාංකයේ ඉදිරි පෙළ හොබවන බවට දැනුවත් වූ ඔවුන් එම ප්‍රහාරය එල්ල කරනුයේද ඉදිරි පෙළටයි. එම අවස්ථාවේදී සිදු වූ අනතුරින් තවමත් ඔහුගේ එක කනක් ආබාධිත තත්වයේ පසුවෙයි. එසේනම් ඔහු කෙබඳු නායකයෙක්ද යන්නට උපමා, රූපක කවරකටද ඔහු එතරම්ම නිර්භීත නායකයෙකි. නිවේදකයෙකු අසන තවත් පැනයකට ඔහු මෙලෙස පිළිතුරු ලබාදෙයි.
“අවසාන පැය 24 වෙද්දී හැමෝම දන්නවා මේක ඉවරයි කියලා… නමුත් යම් කිසි කණ්ඩායමක් මැරෙන්නන් ඕනේ මේක ඉවර කරන්න. කවුද මැරෙන්නේ… කවුද ඉතුරුවෙන්නේ… කියල තත්වෙකුත් තිබ්බා… ඒක ලේසි නෑ නමුත් අපි ඒක හිතුවේ නෑ… මම හැමදාම අපේ සොල්දාදුවන්ට දැයේ පිනට පහළ වූ වීරෝධාර රණ විරුවන් කියන වචනේ කියන්න හේතුව ඒකයි. අපි ගහගත්තා දිනන්න ඕනේ කියන මානසිකත්වේ හිටියා…”
මගේ මව්බිම, මා ජනිත වූ මව්බිම, මා හට හුස්ම දුන් මව් බිම, මා රැකි මව් බිම, මා හැදුණු වැඩුණු මව්බිම එකී කෙබඳු අර්ථයකින් සිතුවද මෙය මාගේ මවට සමාන මව්බිම අප අපගේ මව බේරා ගැනීමට කෙබඳු කැප කිරීමක් වුවද කරනු නොඅනුමානය නමුත් ජීවිතය වුවද පුද දෙමින් මව්න් බඳු මව්බිම රැකි එකී වීරෝධාර රණවිරුවන් හට නායකත්වය දුන් මෙවන් වීරෝධාර රණවිරුවෙකු මෙවන් අභීත නායකයෙකු වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම අපට පියෙකු බඳු තවත් එක් රණවිරුවෙකු කෙතරම් කැප කිරීමක් කරන්නට ඇතිද අපට නිදහස් දැයක් උරුම කර දෙන්නට, බියකින් තොරව මෙය අපේමයි කියා කියන්නනට ඔවුන් ඇට, මස්, ලේ, නහර කොතරම්නම් පුද කරන්නනට ඇතිද?
තම සතුරාට වුවද හරියාකාරව කරුණු කාරණා නොදැන අපහාස කිරීමට මැලිවීම මා මෙතුමාගෙන් දුටු තවත් එක් මහත්මා ගතියකැයි කිව හැකිය. තමා දන්නා කරුණු පමණක් කතා කිරීමට උත්සුක වන මොහු නොදන්නා දෙය නොකියා දන්නා දෙය පමණක් මනාව කතාබහ කිරීමට සෑම විටකදීම වෙරදරයි.
යුද්ධයෙහි අවසාන මොහොත තෙක් නොපිරිහෙළා සිය සියලූම ශක්තීන් මව්බිම උදෙසා කැපකළ මොහු යුද්ධය අවසාන දින කිහිපය තුළදී එකඳු දිනක්වත් රාත්‍රී නින්දක් නොලබා දින 4 ½ ක් නොනිදා පහන්කර දමයි. ඒ වෙනකක් උදෙසා නොව තම කණ්ඩායම වෙත තමන්ගෙන් ලැබිය යුතු මග පෙන්වීම සිය එක ඇහිපිල්ලමකින් වුවද වෙනස් වීමට ඉඩ ඇති බැව් ඔහු නිසියාකාරව දැන සිටීම හේතුවෙනි.
මේ ආකාරයට යුද්ධය අවසාන වන තෙක්ම එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ මෙතුමා යුද්ධයෙන් පසු කාල සීමාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදවේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස පත් කරනු ලබන අතර ඉන් පසු මේජර් ජෙනරාල්වරයෙකු ලෙස පත්වීම් ලද ලාබාලතම නිලධාරියා ලෙස මෙතුමන් එකී තනතුරටද උරුමකම් කීමට සමත් විය.
ඉන් අනතුරුව 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තානාපති තනතුරට පත්ව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ඔහු 2015 දක්වා එහි සේවය කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකවේ විදේශ සේවා දූත මෙහෙවර තුළ තානාපති තනතුරට හමුදා සේවයේ යෙදී සිටියදී පත් කරනු ලැබූ පළමු නියෝජිතයාද මොහු විය. එමෙන්ම 2010 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ විජිතකරණය පිළිබඳ විශේෂ කමිටුවේ විකල්ප නියෝජිතයා වූ මොහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 3 වන කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසටද සේවය කරන ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ඒකකය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය සඳහා හමුදා රෝහලක් යෙදවීම ඇතුළු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ඉහළ නැංවීමට ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ලැබූ පුහුණු වීම සහ අධ්‍යාපනයට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඊශ්‍රායලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ග්‍රීසිය, ඉතාලිය, පාකිස්තානය වැනි රටවල විවිධ ක්ෂේත්‍රයන් පුහුණු වූ දක්ෂ නිලධාරියෙකු ලෙස මෙතුමා පෙන්වා දිය හැකිය.
වීර වික්‍රම විභූෂණ පදක්කම, රණ වික්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම, රණ ශූර පදක්කම යන සන්නද්ධ සේවා ඉහළම පදක්කම් වලින් පිදුම් ලද මොහු ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම පදක්කම් හතරෙන්ම පිදුම් ලද පළමු රණවිරුවා ද විය. දේශය වෙනුවෙන් සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නිලධාරී, ශ්‍රී ලංකේෂ්වර, අපරාධ මෙහෙයුම් විශාරද, වීර ප්‍රතාප දේශාභිමානී ජාතික ගෞරව නාම සම්මාන උපාධී සන්නස්පත්‍ර, වීර ගජේන්ද්‍ර සංග්‍රාම ශුරී ජාතික ගෞරව නාම සන්නස්පත්‍ර සහ වීර වික්‍රම දේශාභිමානී විශ්ව කීර්ති ශ්‍රී රණ ශූර යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන ලදි.
වර්තමානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් ලෝකයම වෙළාගත් කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලාංකිකයන් ඉන් මුදා ගැනීම උදෙසා සිය සහය නොපිරිහෙළා සිය රට වෙනුවෙන් පුදනු ලබයි.
කොරෝනා මාරයා හමුවේ ලෝකය සිය බලාපොරොත්තු අත් හැර සිටිනා මොහොතක අප රට වෙනුවෙන් මෙතුමන් ලාංකීය ජනතාව හට අප්‍රතිහත ධෛර්යක් එක් කරනුයේ මහා වෘක්ෂයක් සිය පැළ සමූහයා තමාට ලැබුණා වූ පෝෂණයන්ට ද වඩා පෝෂණයකින් හොබවන්නට, උස්මහත් කරන්නට වෙරදරන්නාක් මෙනි.
නිවේදකයෙක් වරක් මෙතුමාගෙන් මෙවැනි පැනයක් නගයි.
“නැවත මේ මාතෘ භූමිය තුළ එවැන්නක් (යුද්ධමය තත්වයක්) ඇතිවීමට ඉඩක් නැද්ද?”
එතුමා ඉතා තිර අධිෂ්ඨානයකින් කිසිවෙකුගෙන් මා මින් පෙර දැක නොමැති තේජසකින් මෙලෙස පවසයි.
“කවදාක්වත් නෑ… එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදයට කවදාකවත් මේ රටේ අපි ජීවත්වෙලා ඉන්නකල්, අපි වයසට ගිහිල්ලා හිටියත් හමුදාවට කොහොමද මේක කරන්නේ කියලා පැහැදිලි කරලා කියනවා… කවදාකවත් එල්. ටී. ටී. ඊ එකට මේ රටේ නැගිටින්න දෙන්නේ නෑ…”
එවන් පෞර්ෂයක් එවන් ස්ථිරසාර හඬක් යුද්ධ භූමිය තුළ කෙතරම් පෞර්ෂයකින් යුද්ධ වදින්නට ඇති දැයි එතුමන්ගේ හඬට සවන් දෙන ඕනෑම කෙනෙකුට චිත්ත රූප මවමින් ශ්‍රී ලාංකිකත්වය අවදි කරවයි.
30 වසරක යුද්ධ බිය ශ්‍රී ලාංකික භූමිය තුළින් අතුගා දැමීමට නොපිරිහෙළා උරෙ’නුර ගැටී සටන් කළ සිංහ පුත්‍රයාණනි, ලොවම මහත් වූ බියකින් ඇළලී ගොස් සිටියදී රෑ, දවල් නොනිදා ඊට විසඳුම් සොයනට වෙහෙසෙන යුග පුත්‍රයාණනි ,යුද්ධ භූමියේදී අප ප්‍රතිවාදීන්ට තවත් ප්‍රතිවාදියෙක් වුවද තම සගයන්ට මිතුරෙකු වූ ආදරණීය සොයුරාණනි, තම බිරියට ආදරණීය ස්වාමිපුරුෂයෙකු, තම දරුවන්ට මෙන්ම දැයෙහි සියලු දරුවන්ට ආදරණීය වූ සදාදරණීය පියාණනි, සෘජුව පිළිතුරු දෙමින් සත්‍ය පමණක් කතාකරන සත්‍යවාදී මිත්‍රයාණනි, ලෝකයා කෙසේ කීවත් තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙසට සලකා නිල ඇඳුමෙහි ගෞරවය සැමදා සුරකින අභීත රණවිරුවාණනි, ඔබට දීර්ඝා යුෂ පිරි, සැමදා අද මෙන් බබළන දීප්තිමත් අනාගතයක් හිමි, මව්බිමට තව තවත් ආලය කරන්නට වෙරදරන ඔබ වැනිම රණවිරුවන් හට මග පාදා දීමට ධෛර්ය ලැබෙන්නා වූ සුභම සුභ ජන්ම දිනයක් වේවා!!! යි කොළඹ විශ්ව විද්‍යාලයීය Colombo Beacon අපි සැම ඔබට සුභාශිංසන එක්කරන්නෙමු.
Leave a Comment