සමනල ආර , ළය ආර , නිදහස් ආර අතරින් දිනුම් කනුවට පීනන
“අලුත් මාළුවෝ”
කොළඹ විශ්ව විද්‍යාලයීය අන්තර් පීඨ නවකයින්ගේ ක්‍රීඩා ශූරතාවලිය යටතේ කාන්තා සහ පිරිමි වශයෙන් පිහිනුම් තරඟ අද දින (29) උදෑසන කොළඹ NCC පිහිනුම් තටාක පරිශ්‍රයේදී පැවැත්විනි……….
එකිනෙකාට නොදෙවෙනි ඉතා තරඟකාරී තරඟ වට කිහිපයකින් අනතුරුව සමස්ත පිහිනුම් ශූරතාවය කළමනාකරණ හා මූල්‍ය පීඨය විසින් දිනාගන්නා ලදී……..අනුශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතනය විසින් දිනාගත් අතර තෙවන ස්ථානය විද්‍යා පීඨය විසින් දිනාගන්නා ලදී……..
නරඹන්නන්ගේ උද්‍යෝගය තරඟාවලිය තුල් කැපී පෙනුන අතර සියලුම තරඟකරුවෝ තම තමන්ගේ පීඨ වෙනුවෙන් තමන්ගේ උපරිමයෙහි යෙදුනහ…..
ජයග්‍රහකයින්ට සහතික පත්‍ර ද එම අවස්ථාවේදී ලබා දීමට කටයුතු කර තිබිණි……
තරඟයේ යෙදුන සියලුම නවක සොයුරු සොයුරියන්ට colombo becon වෙනුවෙන් අපගේ සුබ පැතුම් එක් මෙන්ම ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් ද අපගේ හෘදයාංගම සුබාශිංශන එක් කරන්නෙමු…..

Leave a Comment