නිසල දිය මත – රුවකි සනහන
ඇගේ පෙති මත – දිලෙයි දිය බිඳ
රුදුරු ලොවකට – පෑයු සඳ ලෙස
දිලී හිනැහෙයි – හසරැලිත් මුව
දහස් දුක්ගිණි – හිතේ රඳවන්
ගැහැණියකි ඈ – දිවි මගේ උන්
උරණ හදවත් – නිවා සැණෙකින්
ලොවක් සණසයි – ඇගේ වදනන්
සැලි සැලී එන – හුළු එළිය දැක
ගැහි ගැහී හද – මවයි පෙර දින
බලා දරුවන් – ළඟින් හුන් තම
වදන් ගලපයි – මෙලෙස හෙමිහිට
මහමුහුදත් හරි – නිහඬයි පුතුණේ
එන්නට පෙර නම් – කුණාටුවක් සැඩ
හණිකට දිවගොස් – නින්දට හඬ ගා
පවසන් සිහිනෙක – කැන්දන් යන්නට
ඈතින් සැලෙමින් – හුළු එළියේ එන
රුව හැඳිනන් ඈ – සුසුමක් පිටකර
පිල්කඩ මත්තෙන් – නැගිට ගොසින් ගෙට
බෙදා බත් පතක් – සූරයි දංකුඩ
වැදුනු සෙවණැල් – වෙරි මතින් ගෙට
උණා දමමින් – මිනිස් සත් ගුණ
අසයි සැණෙකින් – දමා හිස ගෙට
“කොහෙද ගෑණියෙ – වරෙං එළියට”
Leave a Comment