නිසදැස්

දින චර්යාව

හමුවන දහසක් නෙතු අතර

අතරමංව ළතැවෙන දෙනෙතක් ඇත

දහසක් දෙනා සමඟ කතා කරන මුව

තනිව ගුලිව නිදා ඇත

කඳුළු හලන්නද සිනා සෙන්නද

හිත තරඟ කරයි

කඳුල දිනුවත් තවම සිනා සෙමි

පොඟවමින් සිත යළි යළිත්

පැළඳ පැරැණි වෙස් මුහුණම....
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කාවින්ද ලියනගේ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment