හැඩකාරි නුඹ මගෙ දෝණියේ
නොදුටුවත් නුඹ මව් සෙනේ
අරලියා ගස යට ඉඳ නුඹේ
මවත් සිනහේ සඳ සේ
සිනාසී වට පිට බලබලා
කිරි සොයා හඬද්දී නුඹ ඉකි ගසා
පිය දෙතනෙ කිරි නැති නිසා
දැවුනි මා නෙතු බොඳ වෙලා
නුඹ මගේ ප්රාණය යි දෝණියේ
සිනාසෙන විට නුඹ මව වගේ
දරා ගෙන දුක් මේ ලොවේ
රැක්කෙ නුඹ මා නෙතු ලෙසේ
Leave a Comment