පෙර දවසෙ පිටු පෙරලුනත්
එය නොදැනුනේ කිම නොදනිමි…
දිනක සටහන් තැබුවටත් පෙර
තවදු දිනයක් එළඹුණි…
පොතේ හිස්තැන් බොහෝ වූවත්
තැබූ පියවර අපමණි…
මිහිරි අමිහිරි සියලු දේ
හද කොනක පතුලේ තැබුවෙමි…
නුහුරු නුපුරුදු කටුක නගරේ
පිය මනී සැමදා වගේ…
මනු සතුන් කොපමනක් සිටියත්
තනිකමක් නැතුවා නොවේ …
එදා ඔබ දින පොතක් වූවත්
කලණ මිතුරා අද මගේ…
පුරුද්දට මෙන් හුස්ම වැටෙනා
රොබෝලා අතරේ මෙහේ…
Leave a Comment