නත්තල් ගහේ ලකට
අන් තරු රනින් දිලුනට
එල්ලමු තරුවක් රෝස
දෝණි කවදත් ආස එහෙම
නත්තල් සීයාට ලීව
අපි දෙන්නා හොරෙන් කඩා බැලුව
ලියුම් ඇති තාම
ඔෆිස් ලාච්චුවේ කොණක
‘කතා කරන බෝනික්කෙක්’
පහුගිය නත්තලට
ඉල්ලා තිබුණෙ එහෙම
මතකද ඔයාට ?
ආසම කතා පොත අස්සෙ මෙදත් සුරැකිව
ලියුමක් ඇති පොල් ගෙඩි අකුරින් ලීව
කොහොමත් දෝණි ලෑස්ති වුණේ නත්තලට
එදා නත්තල ගෙවුණ දා සිට
ලස්සනට පොඩි ගවුමක් ඇඳගෙන
එයා ඇති එනකල් මග බලාගෙන
දෝණිත් ආස නිසා යමු නත්තලට
පොරොන්දුයි යන්නේ නෑ පල්ලි ‘පාස්කුවට’
Leave a Comment