ලොව පුරා වෙසෙන මිලියන 7.3 ක් ඉක්මවූ කතෝලික මෙන්ම ක්‍රිස්තියානි ජනතාව විසින් සමරන සුවිශේෂී උත්සවයක් ලෙසට සැලකෙන නත්තල් දිනය අදයි….කතෝලික ජනතාව මෙලොව සියළු දෙනාගේ පාප උදෙසා වන්දි ගෙවීමට දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයා වන ජේසුස් වහන්සේ මිනිස් වෙසින් කන්‍ය මරිය් උත්තමාවන්ගේ කුසින් මෙලොවට ජනිත වීම නත්තලේදී සිහිපත් කරනු ලබයි.ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් නත්තල සමරනු ලබයි…
..නත්තල් සමය ආරම්භවන්නේ නොවැම්බර් මස අවසාන හෝ දෙසැම්බර් මස පළමු ඉරුදින යෙදෙන ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය දින සිටයි…මෙම කාලය ජේසුතුමන්ගේ උප්පතියට සැරසෙන කාල වකවානුව බැවින් ආගමන කාලය ලෙසට හදුන්වනු ලබයි..මෙම කාලය තුලදී ඔවුන් මනස්තාපනයෙන් හ සැබෑ බැහැපත් කමෛන් යුතුව ජේසු තුමන්ගේ නැවත ආගමනය වෙනුවෙන් සූදානම් වෙති.ඒ අතර මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවට හිමිවන්නේ සුවිශේෂී ස්තානයකි …
එසේ උවද ක්‍රි.පූ.උපත සිදු වූ ක්‍රි.පූ.4 හෝ 3 වැනි වසරේ වන අතර මුල් යුගයේ එනම් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවස වන තෙක් කිතු උපත සැමරීමක් සිදු නොකළේය. එකල රෝම නීතිය අනුව උපත සැමරීම තහනම් වුවද කිතු දහම වැළදගත් රෝම අධිරාජ්‍යයා එතෙක් දෙසැම්බර් 25 වන දින යෙදී තිබුණු රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය කිතු උපත සැමරුමට යොදා ගැනීමට අණ කර තිබේ. ඊට සමගාමී එදා සිට අද දක්වා නොයෙක් අංගෝපාංග එක් වෙමින් විචිත්‍රවත් අසිරිමත් නනත්තල් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.
නත්තල් ගස මෙන්ම ගවලෙන මෙම සමයේදී විශේෂයෙන් සැරසිල්ලට යොදාගනු ලබයි.නත්තල් සීයාටද මෙම කාලයේදී විශේෂ අවධානයක් යොමුවේ..කැරොල් ගායනාවන් ද නත්තලේ විචිත්රත්වය මනා ලෙස විදහා දක්වන නත්තලට ආවේණික ගායනාංගයකි..
කෙසේ නමුත් මෙම නත්තල් සමයේදී තමා සතු දේ අනෙකා සමඟ බෙදා හදා ගනිමින් ජේසු සමිදුන් ලොවට ගෙනා සාමයේ පණිවිඩය සකල ජනයා අතර විහිදුවාලීම කිතුනු ජනතාවගේ කාර්යභාරයයි..
මෙවර නත්තල උදෙසා ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි..ශ්‍රී ලංකාවේද නත්තල් දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවිමැදුරේදී පැවැත්වේ…….
ඔබටත් ලෝ වාසී සියලු දෙනාටත් සාමය , සතුට පිරි සුබ නත්තලක් වේවා……
Leave a Comment