නිසදැස්

නදී තෙර යන තොටියා වෙමි මම

සීත මඳ නළ හමන අළුයම
සියොත් ගී නද වැකෙන සවනට
තෙමා තොලකට උණු කහට යස
නදී තෙර යන තොටියා වෙමි මම

බුදුන් සිහිකර හබල ගෙන මම- මුදමි ඔරු කඳ සීත දියඹට
පිණි කැටිති වැටි තඹර සුපිපුන- වියන අතරින් ඇදෙමි හෙමිහිට
ඈත එගොඩහ දිලෙයි සුදුවට – ළමා පෙළ සැදි යන්න අකුරට
සතුට මදහස මුවඟ රඳවන- ඔරු පදිමි මං එගොඩ මෙගොඩට

කඩපොළට යන සිදාදියෙ යන- සැමදෙනා මම එතෙර කරනට
සීත පොද වැහි හිරුගෙ දැවුමද- හුරුය හොඳහැටි මෙමා සිරුරට
නහර පෑදුනු මහලු දෑතට- වාරු ඇත තව හබල වැනුමට
සතුට මදහස මුවඟ රඳවන- ඔරු පදිමි මං එගොඩ මෙගොඩට

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment