කල් ගෙවී අළු මතින්
නැගී ආ ෆීනික්ස්…
දහදියෙන් කඳුළකින්
වරම් ලද මොහොතකින්…
රුධිරයෙන් නැහැවුණ
රතු රෝසයන් මගහරින්…
ස්වේතයෙන් නැහැවුණ
නුරාවෙන් මත් වෙමින්…
වෙඩි හඬින් වැසුන සවනක්
නුරාවේ වදනකින්…
සනසන්න මොහොතකින්
බැඳෙන් අත් බැඳ
අරගලේ ප්‍රේමයේ නාමෙන්…
Leave a Comment