දැනුම

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

පුරහඳ පායන දොළොස් පොහොයන් අතුරින් නිකිණි පොහොය සඳහා හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කර පැවත එන්නා වූ බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි අතර එයින් වැදගත්ම කොටස චිරස්ථායි පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නොමැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් තම දේශනාවන්හි කීප අවස්ථාවකම පැහැදිලිකර දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ අද වන් නිකිණි පොහොය දිනක ය.

නිකිණි පොහොය යනු මිනිසුන් තම තමාගේ දෛනික කටයුතු වලින් මිදී තම තමා අදහන ආගම දහම අනුව ධාර්මික කටයුතුවල යෙදෙමින් ගෙවූ දිනකි. පොහොය දවස යන්න පාලියෙන් උපෝසථ නම් වන අතර, උපෝසථය යනු පෙහෙවස් සමාදම් වීමයි. බුදුදහම නොතිබුණු අවධියේ පවා මහාමායා දේවියද පෙහෙවස් සමාදම්ව සිටි බව බුදුසිරිතේ යම් යම් පරිච්ඡේදවල දී සඳහන් වන්නකි.

එලෙස පෙහෙවස් සමාදම් වීමට හා ආගමික කටයුතු වල යෙදීම සඳහා එදා මුතුන් මිත්තන් යොදා ගනු ලැබූයේ පූර්ණ චන්ද්‍රයාගෙන් හෙබි සඳ කිරණින් නැහැවුණු පරිසරයන්ගෙන් යුතු දිනයන්ය. දින දර්ශන ආදිය නොතිබුණු නිසාවෙන් ආදි මිනිසුන් ඒ සඳහා පුන්සඳ පායා ඇති අවට පරිසරයම සඳ කිරණින් එකළුව ආලෝකමත් වූ දිනයන් මේ සඳහා යොදා ගැනීමට පෙළඹි බව සිතිය හැක. ඒ ආකාරයෙන් පොහොයේ ආරම්භය සිදු වූ බව පැරණි පොත් පත් සාක්ෂ දරයි. හොඳින් සඳ පායා ඇති රාත්‍රීන්, රජවරු ද ධර්ම සාකච්ඡා සඳහා යොදා ගත් බව ජාතක කතා කිහිපයක්ම සනාථ කරයි.

අජාසත්ත, මිලින්ද ආදී රජවරු ඒ සඳහා නිදසුන් ය. පසු කාලීනව දැනුම දියුණුවත් සමඟ ගණිත ශාස්ත්‍රය පුළුල් වී මාස දොළහක් වී පොහොය දොළහක් වන්නට ඇති බව සිතිය හැක. පොහොය දොළහ යනු පුන්සඳ ඇති රාත්‍රීන් දොළහයි.

පළමු ධර්ම සංගායනාව ඇරඹියේ බුදුරදුන්ගේ පිරිනිවනින් තෙමසකට පසුවය. බුදුරදුන්ගේ පිරිනිවන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක සිදු වූ අතර එයින් තෙමසකට පසු උදාවන පොහොය නිකිණි පොහොයයි. ඒ අනුව පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොයයි.

එමෙන්ම සංගායනාව සඳහා අත්‍යවශ්‍යම චරිතය වූයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝය. ආනන්ද තෙරණුවන්ගේ අරහත් මාර්ගයට පිවිසීම ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක සිදු වූ බව කියැවේ. ඒ කරණ කොට ගෙන ද බෞද්ධ අප සියලු දෙනාටම නිකිණි පුර පසළොස්වක පොහොය දින සුවිශේෂී වන්නකි.

වර්ෂා සමය තුළ දඹදිවට ධාරාණිපාත වර්ෂා ඇද හැලේ. මෙම වැසි කාලය තුළ විහඟුන් පවා තම නිවෙස් හැර දමා නොයති. වන සිව්පාවුන්ද තම තමන්ගේ වාසස්ථාන වලට වී කල් මරයි. කිසිවකුත් එළි පෙහෙළි යට නොයන අතර එකල සිටි අන්‍ය තීර්ථකයෝද තම ගමන් බිමන් නවතා එක් තැන් වී සිටිති.

එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ (භික්‍ෂූහු) හුදී ජනයාගේ හිත සුව පිණිසම දහම් දෙසමින් ගම් දනව් සිසාරා සැරි සරන්නට වූහ. ඒ සම්බන්ධයෙන් ජනී ජනයාගේ විරෝධය හා විවේචනය පැන නැඟි අතර එබව දත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වර්ෂා කාලයේ එක් තැන්ව වසන ලෙස බුද්ධ ශාසනයේ විනය පැනවූහ.

මෙකී නියමයන් සම්පාදනය උදෙසා ජන හඬ නැගෙන තෙක්ම පියවරක් නොගෙන සිටියේ මන්දැයි යමෙකුට ගැටළුවක් වන්නට බොහෝ ඉඩ ඇත්තකි. අප මහා තාථගතයන් වහන්සේ කිසිඳු විනය නීතියක් අහේතුවකව නොපනවන්නේ ය. හේතුවක් ලැබෙන තෙක් රැඳී සිටීම එක් කරුණකි. දෙවැන්න තථාගතයන් වහන්සේගේ නම්‍යශීලී ගුණයයි.

බුදු සිරිතේ බොහෝ තැන්හි මෙම ප්‍රජාතන්ත්‍රවාදී නම්‍යශීලීත්වය දැක ගත හැක්කකි. මේ අනුව භික්‍ෂූන් උදෙසා ඇසළ පසළොස්වක පොහෝ දිනයේ “පොහොය කිරීම” නම් වූ විනය කර්මය කොට පසුවදා වස් විසීමට නියම කළහ. වස් විසීමට නියම කිරීමේ, නැතිනම් වස් විසීමේ ශාසනික අංශය ඉහත විස්තර වූවාට වඩා ගැඹුරු වූත් අර්ථාන්විත වූත් කරුණක් ම වන්නේය.
මන් ද යත් වස් විසීම මගින් අර්ථ ගැන්වූයේ හුදෙක් ධාරානිපාත වර්ෂාවෙන් ආරක්ෂා වීම පමණක් ම නොවන නිසාවෙනි. වස් කාලය තුළ වීර්යය වඩමින් මග ඵල ලබා ගැනීමට කටයුතු කිරීමද එහි එක් අරමුණකි. වස් විසීමට පූර්ව එකල භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබාගත්හ. උන්වහන්සේ ඒ ඒ අයගේ චරිතයන්ට ගැළපෙන ආකාරයෙන් කමටහන් ලබා දුන් අතර මෙලෙස කමටහන් ලබා ගත් භික්‍ෂූහු වස් කාලය අතරතුර කමටහන් වඩමින් සතරමඟ සතර ඵල වලට පැමිණ වස් පවාරණය කොට නැවත භාග්‍යවතුන් වහන්සේ දක්නට වැඩියහ. මෙසේ භික්‍ෂු ශාසනය ප්‍රතිවේධ ශාසනයක් වීමේ පසුබිම සකස් වූයේ වස් කාලය තුළ යැයි කිව හැකිය.

වස්වැසීම කාල වකවානු දෙකකට සීමාකොට පනවනු ලැබූ අතර පෙරවස් සහ පසුවස් ලෙස දෙයාකාරයකින් එය හඳුන්වනු ලබයි. ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පුර පසළොස්වක දින පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද සිදු කළ හැකිවන අයුරින් නීති සම්පාදනය කරන ලදී. ඒ අනුව පසුවස් විසීමේ දිනය හේතුවෙන් ද නිකිණි පොහොය වැදගත් වන්නකි.

ඇසළ මස යනු දඹදිව කෙළිදෙලෙන් පසුවන උත්සව සමයයි. දුප්පත් පොහොසත් සැම දඹදිව ඇසළ උළෙල සමරති. සුදොවුන් රජ පවුල ද ඒ උදෙසා සූදානම් වූ බව පොත පතෙහි සඳහන් වේ. මේ උත්සව සමය නිසාවෙන් ඇසළ පොහොයට වස් විසීමට තථාගතයන් වහන්සේ නියම කිරීම ගැන සේනිය බිම්බිසාර රජු තුල එතරම් ප්‍රසාදයක් නොවුණි. එබැවින් වස් සමාදම් වීම මාසයකින් පසු සිදු කරන ලෙස බිම්බිසාර රජු බුදු රදුන් වෙතින් ඉල්ලා සිටි අතර මේ ඉල්ලීම භික්‍ෂූන්ගෙන් දැනගත් බුදුරදුන් භික්‍ෂූන්ට ‘රාජා අනුවත්තිතුං’ ලෙස නිම කරන ලදී. “කැමැත්ත පරිදි ක්‍රියා කරන්න” යනු එහි අර්ථය යි. එසේ භික්‍ෂූන්ට නියම කොට තථාගතයන් වහන්සේ මගධයෙන් සැවැත් නුවරට වැඩමවා තිබුණු බව කියැවේ. මගධයේ භික්‍ෂූන් ඒ අනුව වස් වසා ඇත්තේ නිකිණි මාසයේ දී ය.

පසු කලෙක මෙය වෙනස් වී ඇසළ මාසයම සම්ප්‍රදාය ගත වී ඇති බව පෙනේ. ඒ අතින්ද නිකිණි මස පොහොය අනුස්මරණීය කළ යුතු වන්නක් ම වන්නේය.

කාවන්තිස්ස රජු එකසිය තිස් අටක් විහාර කර වූ බවත් එයින් එක් විහාරයක් සේරුවිල මංගල විහාරය බවත් සඳහන් ය. සේරුවිල මංගල චෛත්‍යයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වීම නිකිණි මස සිදු වූ බව ජනප්‍රවාදයන්හි කියවෙන්නේ. කකුසන්ධ නම් මහ තෙර නමක් විසින් රචනා කරන ලද ධාතු වංශය නම් ග්‍රන්ථයේ (1890) භාග්‍යවතුන් වහන්සේ අතින් තපස්සු භල්ලුක යන වෙළඳුන් දෙදෙනා ලබාගත් කේශධාතු නාග ලෝකයේ තිබුණු බවත්, ශිව නම් මහ රහතන් වහන්සේ නාලොවට ගොස් නාලොවින් ඒ කේශධාතු ගෙනැවිත් කාවන්තිස්ස රජුට ලබා දුන් බවත් සඳහන් වේ. ඒ හේතුවෙන් අදත් සේරුවිල මහ උත්සවය පවත්වන්නේ නිකිණි මාසයේ දී ය. මේ අනුව බුද්ධ ශාසනයට අදාළ ප්‍රතිවේධ, පර්යාප්ති අංශ දෙකටම අයත් සිද්ධීන් කිහිපයක් සිදු වූ පොහොය මාසයක් ලෙස නිකිණි මාසය වැදගත් වන බව සැමට පසක් වන්නා වූ කරුණක් වන්නේය.

පුරාතනයේ සිට ලක්දිව පෙරහැර මාසය ලෙස හැඳින්වෙන්නේ ඇසළ මාසයයි. එයට ප්‍රධානතම හේතුව නම් ඇසළ මස දී දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල්කොට ගෙන පෙරහැර පැවැත්වීමයි. මෙසේ පැවැත්වෙන නෙත් වශී ගන්වන පෙරහැර දේශීය ජනයාගේ මෙන්ම විදේශිකයන්ගේ ද ආකර්ෂණයට ලක්වූ දේශීය සංස්කෘත අංගයකි. මහනුවර මෙන්ම අලුත් නුවර , නවගමුව , දෙවුන්දර , රත්නපුරය , කතරගම ආදී ස්ථානවල ඇසළ පෙරහැර පැවතුනද ඉතා උත්කර්ෂවත් අයුරින් මෙන්ම උත්සවශ්‍රීයෙන් ම ඇසළ පෙරහැර පවත්වනුයේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතවය.

දළදා පෙරහැර චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව ම පවත්වන අතර නැකත් මූලික කොට ගෙන සිදු කරන්නකි . ඊට අදාල නැකැත් පිළියෙල කිරීමේ කාර්යය භාරව සිටින්නේ නැකත් මොහොට්ටාල විසිනි. බොහෝ විට මෙම නැකැත් යෙදෙනුයේ ඇසළ මාසයට ය. ඇතැම් විටක මෙය ඇසළ – නිකිණි දෙමාසයටම අදාළ වේ.

නුවර පෙරහැර , සෙංකඩගල පෙරහැර , සිරි දළදා පෙරහැර , මහනුවර පෙරහැර , මාලිඟා පෙරහැර , කන්ද උඩරට පෙරහැර සහ ඇසළ පෙරහර යනුවෙන් විවිධ නම් දරමින් මෙය මහනුවර දළදා මාලිගා භූමියේ දී පැවැත්වෙන අතර චිරාගත සම්ප්‍රදායට අනුව දළදා මාලිඟාවේ පෙරහැර පවත්වා අවසානයේ දී දිය කැපීම සිදු කෙරේ. දියකැපුම් මංගල්‍යයෙන් පසුව කන්ද උඩරටට අයත් සෙසු විහාර හා දේවාල වල පෙරහැර පැවැත්වීම ආරම්භ වන අතර කන්ද උඩරටට නම් මෙම සමය පෙරහැර මංගල්‍ය සමයකි. එමනිසා අපේ පැරැන්නෝ ඇසළ මාසය “පෙරහැර මාසය” ලෙස ද හැඳින් වූහ.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම

බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් අටකට වඩා අධික කාලයක් කලිඟු රට පූජෝපහාරයන් ට ලක් වෙමින් පැවැති දළදා වහන්සේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ මෙරටට වැඩම වීමට හේතු වී ඇත්තේ ඒ වෙනුවෙන් හටගත් යුදමය වාතාවරණය නිසාවෙන් බව ඉතිහාසයේ සඳහන් වන්නකි. දන්ත ධාතුන් වහන්සේ ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව ඇසූ දඹදිව ප්‍රාදේශීය පාලකයන් දන්තධාතුව තම රාජ්‍ය සතු කරගැන්මට සේනාව සමඟ දන්ත පුරයට පැමිණි අතර එවකට දන්ත ධාතුව ගුහසීව රජු භාරයේ පැවතියේය. ‘මාගේ දිවි පවතින තුරු දළදාව සතුරන් සතු නොකරන බව’ට තමාටම ප්‍රතිඥා දුන් ගුහසීව රජු තමා යුද්ධයෙන් පරාජය වුවහොත් දෙව් මිනිසුන් විසින් පුදන ලද දළදාව රැගෙන ලක්දිවට යන ලෙස තම බෑණනුවන්ට පවසන ලදී. එහෙත් ‘මහ සයුරෙන් එතෙර පිහිටි සිහල දේශයෙහි සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ’ යැයි පැවසූ දන්ත කුමරුන් විසින් ඒ පිළිබඳව සැක උපදවා ගත් නමුත් ‘සිහල දේශයේ ජනයා බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝය; ආරක්ෂාව සඳහා දළදාව ගෙන ගොස් දෙන්නැ’යි දළදාව භාරව සිටි දන්ත කුමරුට කලිඟු රජ තෙමේ පැවසූ බව දාඨාවංශයේ සඳහන් වේ.

මෙසේ දඹදිව කාලිංග දේශයෙන් මෙරටට වැඩම කළ දළදා වහන්සේ අනුරාධපුරයට වැඩමවා පුද පූජා පැවැත්වීම පිණිස දළදා මන්දිරයක වඩා හිඳ වූ බව ඓතිහාසික තොරතුරු සනාථ කරයි. ලක්දිව දළදා පෙරහැර ඉතිහාස පුවත ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 301- 328 දක්වා රජකම් කළ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේදීය.

දළදා මැදුරු ඉදිවීම

ඓතිහාසික තොරතුරු වලට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජතුමා පළමුව දළදා මන්දිරයක් තනා එහි ශ්‍රී දළදා වහන්සේ තැන්පත්කර ඊට ගරු බුහුමන් දැක්වීම සඳහා වාර්ෂික පෙරහැර සම්ප්‍රදායක් ද ඇති කරවා ඇත. ඉන්පසු, අනුරාධපුර අභයගිරි විහාරයට දළදා වහන්සේ පෙරහැරින් වැඩමවා පුද සත්කාර කරවා ඇති අතර ඒ කාලය තුල සිදු වූ දළදා පෙරහැර ඉතා අලංකාර වූවක් බව හියුං සියෑං භික්ෂුවගේ වාර්තාවල සඳහන් වේ.
මහාවංශයේ ප්‍රධාන ඓතිහාසික සාධක පෙන්වා දෙන පරිදි එදවස දළදා පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙන්නකි.

පරසතුරු ආක්‍රමණ හේතුවෙන් රාජධානි මාරුවීමත් සමඟ දළදා වහන්සේ අනුරාධපුරයෙන් පොළොන්නරුවට , දඹදෙණියට , යාපහුවට, කුරුණෑගලට , ගම්පොළට හා කෝට්ටේ යන රාජධානි වලට වැඩම කරවා ඒ ඒ රාජධානියෙහි දළදා මැඳුර ඉදි කරවා හැකි පමණින් දෛනික පූජා පැවැත්වීමත් වාර්ෂික පෙරහර මංගල්‍යය සිදු කරන ලදී. සියලු රාජධානිවල දී දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දළදා වහන්සේට අග්‍රස්ථානය දී කටයුතු කිරීම ය.

සෙංකඩගල දළදා මාළිගය ඉදි වීම

පළමුවෙනි විමලධර්මසූරිය රජු රාජ්‍යත්වයට පැමිණීමත් සමග ක්‍රිස්තු වර්ෂ 1592 දී සෙංකඩගල නුවර සිංහල රාජධානියේ ආරම්භය සිදු විය. ඒ වන විටත් දළදා වහන්සේ සබරගමු පළාතේ දෙල්ගමු රජමහ විහාරයේ ඉතා රහසිගත ලෙස වැඩමවා සිටි අතර එසේ දෙල්ගමුවේ රහසිගතව වඩා හිඳුවාගෙන දෛනික පුද සත්කාර කරමින් සිටි දළදා වහන්සේ රජු ඊට අවශ්‍ය ආරක්ෂාව ලබාදී සෙංකඩගලපුරට වඩමවන ලදී. වත්මන් දළදා මැදුර සඳහා අඩිතාලම තැනෙනුයේ ඉන් අනතුරුවය.

දළදා පෙරහැර

පරම්පරානුගතව පැවත එන නර්තන වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස ලෝ පුරා ප්‍රචලිතය. අපේ ඇසළ පෙරහැර පැරණි ඉන්දියාවේ පැවැති ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇතිවූවක් ලෙස සැලකෙන්නකි. මහනුවර ඇසළ පෙරහර වර්තමාන මුහුණුවර ගෙන ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි පටන් බව පොත පතෙහි සඳහන් වේ.

වර්තමාන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 18 වන සියවස මැද භාගයේ දී පමණ සිදුවන්නට ඇතැයි සැලකෙන අතර ඊට ඇතුළත් වූයේ නාථ , කතරගම , විෂ්ණු , පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) විසින් එකී සතර පෙරහරට දළදා මාලිගාවේ පෙරහරක් ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහරට බෞද්ධ මුහුණුවරක් ලැබි බව සැලකේ. ඒ අනුව වර්තමාන දළදා පෙරහැරේ ආරම්භය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි සිදූ වුවක් යැයි සැලකීම වඩාත් උචිත ය.

පැරණි දළදා පෙරහර, සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් කර ගත් බව දැක ගත හැක. එවකට ලංකාවේ ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ අවසරය පරිදි 1828 මැයි 29 වන දින පැවැත්වුණු දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ යුධ ආචාර මධ්‍යයේය.

කප් සිටුවීම

දළදා මාලිගාවේ “නැකත් මොහොට්ටාල” විසින් නියම කරනු ලබන සුබ මොහොතින් කප්සිටුවීමෙන් පෙරහර ආරම්භ වන අතර කප් සිටුවීම යනු සතර දේවාලයේ පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර අලුත් නුවර දේවාල භූමියෙන් හෝ ඊට තදාසන්න උචිත දේවාල භූමියකින් වියත් තුනක වට ප්‍රමාණයකින් සමන්විත ඵල නොදැරී නෑඹුල් කොස් ගසක් තෝරාගෙන එම කොස් ගසට පුද පූජා පවත්වා එහි අරක් ගත් දිව්‍ය ආත්මයක් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා එහි කදෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන දේවාල සතරට බෙදාගෙන පෙරහැරෙන් ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවීමයි.

දේවාල පෙරහර

සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන කුඩ , කොඩි , සේසත් , දවුල් , හොරණෑ සහිත පෙරහැර “දේවාල පෙරහර” ලෙස හැඳින්වේ. මේ සඳහා අලි ඇතුන් හෝ පෙරහැර ශිල්පීන් වස්ත්‍රාභරණයෙන් සැරසීමක් සිදු නොවන අතර දේවාල රාජකාරි සිදු කරන වස්ත්‍රයන්ගෙන් සැරසී දේවාල පෙරහරට සහභාගි වේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ සඳහා බැතිමතුන් සහභාගි කර නොගැනීමයි. මෙම දේවාල පෙරහැර පුරා දින පහක් පුරා සිදු වන්නකි.

කුඹල් පෙරහර

දේවාල පෙරහැර පවත්වා පස් වන දිනයේ දී සිව් දේවාලයේ බස්නායක නිලමේ වරුන් ඇතුළු නිලධාරීහු රන්සිවි ගෙයක රන් ආයුධ හිඳුවා රන්සිවිගෙය ඇතු පිට තබා පෙරහරින් අවුත් දළදා මාලිගාව ඉදිරිපිට දේව සංහිඳේ දී දළදා කරඬුව සහිත රන්සිවිගෙය වැඩමවන මාළිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහැර පෙරටු කරගෙන දින පහක් වීදි සංචාරය කරයි. මෙය “කුඹල් පෙරහර” නමින් හැඳින්වෙන අතර මෙහිදී දියවඩන නිලමේතුමා සම්පූර්ණ රාජකාරි ආයිත්තම් වලින් හැඩ ගැන්වීමෙන් තොරව සහභාගි වේ. තවද පෙරහර ශිල්පීන් ලෙස නැට්ටුවන් හා වාදකයන් පළමුවරට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඉඩ විවර වී තිබෙන්නේ කුඹල් පෙරහැරට සහභාගිවීම ඔස්සේය. ඒ නිසා මෙය “අඩක් නිම වූ පෙරහර” යනුවෙන් ද හැඳින් වේ. කුඹල් පෙරහර ලෙස නම යෙදුණේ අතීතයේ එක් කලෙක, ප්‍රථම දළදා පෙරහර වීදි බැසීමට පෙර අලුත් වළං කදක් රැගත් කුඹලෙකු එනම් වළං කත් කරුවෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කළ නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ . පෙරමුණේ රාළ , ගජනායක නිලමේ , කාරියකරවන රාළ , දියවඩන නිලමේ ආදී නිලධාරීන්ද කසකරුවන් , කොඩි , සේසත් , පන්දම් දරන්නන් , පාවාඩ එලන්නන් , දවුල් , බෙර, හොරණෑ ආදිය වයන්නන් , නැට්ටුවන් , පන්තේරුකරුවන් ආදීන්ගෙන් මේ පෙරහර අලංකෘත වේ.

රන්දෝලි පෙරහර

පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසුව එළඹෙන්නේ “රන්දෝලි පෙරහර” වීදි බැසීමයි. සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවන වාහන (රන්දෝලි) කුඹල් පෙරහරේ පස්වන දින යෙදී පෙරහැර අගට එක් කෙරේ . එය “රන්දෝලි පෙරහර” නමින් හැඳින්වෙන අතර එයද පුරා දින පහක් නොකඩවා සිදු වන්නකි. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහර හේවිසි කරුවන් හා හොරණෑ කරුවන් , නැට්ටුවන් , අලි ඇතුන් ආදීන් ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහැරට වඩා විශාල වන අතර ම විචිත්‍රවත් භාවයෙන් ද අනූන වේ. අවසාන දින දෙකෙහි මෙම පෙරහර අතිශය අලංකාරවත්ව පවත්වන අතර රන්දෝලි පෙරහැර යනුවෙන් මෙය හඳුන්වන්නේ මහනුවර රජ සමයේ රජුගේ අගමෙහෙසිය හෙවත් “රන්දෝලිය” ගමන් කළ නිසාවෙනි.

මහා රන්දෝලිය

රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය හඳුන්වන්නේ “මහා රන්දෝලි ය” යනුවෙනි.

පෙරහරට අවසර ගැනීම

පෙරහැර ආරම්භ වන්නේ දියවඩන නිලමේතුමා නිසි අවසරය ලබා දීමෙන් පසුවය. එම නිසා දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ , ගජනායක නිලමේ , කපුරාල වරු , ගම් දහයේ විදානේවරු , කම්කානම් රාළ , මොහොට්ටාල සහ වට්ටෝරුරාලලා පෙරහර ආයිත්තම් වලින් සැරසී දියවඩන නිලමේතුමා හමුවීමට පැමිණෙති. එය දියවඩන නිලමේතුමාගේ කාර්යාලයේ දී සිදු වේ. දළදා තේවාව භාර සියලු නිලධාරීන් දියවඩන නිලමේතුමාගෙන් අවසර හා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේතුමා පෙරමුණේ රාළ වෙත “ලේකම්මිටිය” ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය” ද පිරිනමයි.

පෙරහැර වෙඩිමුර

සෑම දිනකම පෙරහැර පිටවීමට ප්‍රථම වෙඩිමුර තුනක් තැබීම සිදු කරයි. පළමු වෙඩිමුරය නිකුත්වීමත් සමඟම සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින සියලු පෙරහැර ශිල්පීහු සහ අලි ඇත්තු නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර හා සම්බන්ධ වේ. දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද වේලාවකට පසුවය. එයින් අදහස් වනුයේ පෙරහැර සධාතුක කරඬුව ඇතුපිට රන්හිලිගෙයි තැන්පත් කළ බව ය. ඒ කටයුත්ත පැවරී තිබෙන්නේ දිය වඩන නිලමේතුමාටය. තෙවැනි වෙඩි මුරය නිකුත්වන්නේ රන්හිලිගේ සහිත මංගල හස්තිරාජයා දළදා පෙරහරට එකතු වීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කළ බව දැනුම් දීමටය.

පෙරහරට එකතු වන අනෙකුත් අංගයන් පිළිවෙලින් නම්,

කස කරුවන්
බෞද්ධ කොඩි කරුවන්
පලාත් කොඩි කරුවන්
අසිපත් ධාරීන්
ගිනිබෝල කරුවන්
පෙරමුණේ රාල
පනික්කියන්
ගජනායක නිලමේ
මගුල් බෙර කරුවන්
ඇත් පන්ති
පොල් මල් නැට්ටුවන්
හොරණෑ කරුවන්
තම්මැට්ටම් කරුවන්
දවුල්කරුවන්
තාලම්පොට කරුවන්
පතුරු නැට්ටුවන්
සවරන් නැට්ටුවන්
ලී කෙලි නැට්ටුවන්
පන්තේරු නැට්ටුවන්
හවඩි දඟයා
වේවැල් වියන්නන්
උඩැක්කි කරුවන්
රබන් නැට්ටුවන්
ගැට බෙර කරුවන්
නෛයන්ඩි නැට්ටුවන්
උඩරට වෙස් නැට්ටුවන්
කාරිය කෝරාළ
නාගසිංගම් වාදනය
මංගල හස්තියා
දෑලේ ඇතුන්
කවිකාර මඩුව
දියවඩන නිලමේතුමා
නාථ දේවාල පෙරහැර
විෂ්ණු දේවාල පෙරහර
කතරගම දේවාල පෙරහැර හා
පත්තිනි දේවාල පෙරහැර යි.

දළදා වීදිය , යටිනුවර වීදිය , හරස් වීදිය , කොටුගොඩැල්ල වීදිය , කන්දෙ වීදිය , ඩී. ඇස්. සේනානායක වීදිය ඔස්සේ නුවර නගරයේ වීදි ඔස්සේ ගමන් කරනු ලබන පෙරහැර, අවසානයේ දී දළදා වහන්සේ වැඩමවා ගෙන දළදා මාලිගාව වෙත පිවිසේ. එය පෙරහර ගෙවදීම ලෙස හැඳින්වේ. දළදා පෙරහර අවසන් වන්නේ සධාතුක කරඬුව රැගත් ඇතු දළදා මාලිගාවට පිවිස එයින් සධාතුක කරඬුව යළි දළදා වහන්සේ වැඩසිටින කුටියට වැඩම කරවීමෙන් පසුවය. එවිට මාලිඟා පෙරහර අවසන් වූ බව සැලකෙන අතර ඊට ගෞරවය සඳහා දළදා වහන්සේට ගිලන්පස පූජා කිරීම සිදු කෙරේ.

මෙලෙස සියලු ගෞරවයන් සහිතව ශ්‍රී දළදා පෙරහැර නිමා වීමෙන් අනතුරුව දියවඩන නිලමේතුමා සිව් දේවාලවල බස්නායක නිලමේවරුන් සමග රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමා මුණ ගැසී පෙරහැර නිසි පිළිවෙත් ප්‍රකාරව සිදු කළ බව දන්වා සිටී. ඒ නිල කටයුත්ත සිදු වන්නේ නුවර දළදා මාලිඟාව සමිපයේ පිහිටි ජනාධිපති මන්දිරයේ දී යි.

ලොවක් වශීකරන සෙංකඩගල දළඳා මංගල්‍යයේ සමාප්තිය එසේ සනිටුහන්වන අතර ඒත් සමඟ ලක්දිව පෞඪත්වය ද වසරක් වසරක් පාසා ලොවක් සිසාරා ජනී ජනයාගේ හදවත් තුල රහසේම කිඳ බැස ගනුයේ ලක්දිව සංචාරක ක්ෂේත්‍රයට ද මහත් පිටුවහලක් වෙමිනි.නිකිණි පුර පසළොස්වක පොහොය අදයි.

ලොවක් වශීකරන සෙංකඩගල දළඳා මංගල්‍යයේ සමාප්තිය එසේ සනිටුහන්වන අතර ඒත් සමඟ ලක්දිව පෞඪත්වය ද වසරක් වසරක් පාසා ලොවක් සිසාරා ජනී ජනයාගේ හදවත් තුල රහසේම කිඳ බැස ගනුයේ ලක්දිව සංචාරක ක්ෂේත්‍රයට ද මහත් පිටුවහලක් වෙමිනි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment