ලොවම නිදනා අදුරු මොහොතක
අතරමන් වී තෙරක් නොපෙනෙන
පාලු මාවතක ආවෙමි
නොදන ගෙවී මැදියම් රැයද?
දුටුවෙමි පියකරු ඇල්ලක්
ළග ලස්සන සුදු අගනක්
හනිකට ඇදුනෙමි එදෙසට
සිනහ සිතින් හැඩ ගමනින්
දිගු කල විට දරුපැටියෙක්
අදිමදි කර මද මොහොතක්
ගන්නට පෙර සුරතල් පුතු
සිතුනා මට පුදුම දෙයක්
කලල මරන මස් කඩවල්
වීදි ගානෙ ඇත පිරිලා
උපද්දවා කසල ගොඩට
විසි කර යන අය වැඩිලා
එවන් ලොවක නොවී ඔබත්
පියෙකු සොයා උපන් පුතුට
යකෙක් උවත් පිදිය යුතුය
නිදසුන් දෙන උතුම් මවට
Leave a Comment