නිසදැස්

නිදහස් සිතුවිලි

ඒ මත දක්නට ඇති තියුණු රේඛාවෝ එයට උරුමකම් කියන්නා වූ සිත්‍තරාවන්ගේ සිතුවම් කව්ශල්‍ය මනාව කියාපායි. තවත් විටෙක එහි රැදි වර්ණ සංකලනයන් ඔහු තුල ඇති නිර්මාණාත්මක බවේ අපූර්වත්වය මනාව විදහා දක්වයි. සිතමු මොහොතක්; ඔහුගේ එකී කුසලතාවෝ ප්‍රේක්ෂක ඇස හරහා ඔවුන්ගේ මනස සංසිදුවන්නේ කෙසේද ? එය කෙතරම් අපූරු ද?
එය තවත් සිත්තරාව කෙරේ ජන්මය සැලසීමටත්, ඔහුගේ අගය මෙන්ම කව්ශල්‍ය ඉහල නංවා ගැනීමටත් මග පාදයි.
සාහිත්‍යයකරුවාද එබදුය. පෑන , පන්හිඳ ගෙන එදා කරනු ලැබූ නිර්මාණයන්ගේ සාරය, අරුත් සම්පන්න නව නිර්මාණ බිහිවීමට මෙන්ම ඔහු තුල රැදි හැකියාවන් ඉහලට ගෙන යමින් වල් බිහිවූ සමාජයක සව්භාග්‍යයේ බීජය වැපිරීමටත් මහෝපකාරී වූවා නොවේද?
එසේ බැලූකල අතීත මිනිසාගේ සොයාගැනීම් මෙන්ම ඔවුන් අතින් කල අරුම පුදුම නිර්මාණයන්ගේ රශ්මිය තවමත් අප දිවයින ලෝකය තුල ඔටුනු පැලදවීමට සමත් වන බව නිසැකය.
ජීවිතය තුලද ගත් කල අප සිතන්නාවූ කරන්නා වූ සියල්ල එක්ව ගත් කල සිත්තරාවෝ ඇදි සිතුවම මෙන් වර්ණ රෑප පෙලකි.එමෙන්ම සාහිත්‍යයකරැගේ නිර්මාණය මෙන් එක් කතා පෙලකි. නමුදු එකී අගයන් එයට එක් කර ගත හැකි වන්නේ එම සිතුම් පැතුම් සහ ක්‍රියාවන් අවංක සහ අර්ථවත් නම් පමණි. එසේ අරැත් ගැන්වූ සිතුවම් පෙලක්, කතා පෙලක් තවත් එක් අරැම පුදුම නිර්මාණයක් බිහි කරයි. එයද දිවයින ඔටුනු පැලදවීමෙහි ලා වැදගත් කාර්‍යක් ඉටු කරන බව මගේ මතයයි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුල්මිණී දේශප්‍රිය

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment