ලොව විශාලතම ප්‍රෝටීන් ප්‍රභවය ලෙස බිලියන තුනකට අධික පිරිසකට ප්‍රෝටීන් සපයන , බිලියන තුනක ජනතාවකට ජීවනෝපායන් සපයන, මිනිසුන් විසින් වසරකට නිෂ්පාදනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් සියයට තිහකට අධික ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් ගෝලීය උෂ්ණත්වය ඉහල යාම පාලන කරන, තවත් ගනනය කල නොහැකි තරමේ වූ විවිධාකාර ප්‍රයෝජන මානවයට ගෙනදෙන බිලියන ගනනක සත්ත්ව ප්‍රජාවක නිජබිම වූ නිල් ග්‍රහලොව වසා සිටින නීල පැහැ යෝධයා පෘථිවියේ ජීවයට අතිවිශාල බලපෑමක් සිදු කරයි.
සෑම වර්ෂයකම ජුනි අටවන දින සාගරයෙන් මානව වර්ගයාට ලැබෙන ප්‍රතිලාභ සහ එහි සම්පත් තිරසාර ලෙස භාවිතා කිරිම සම්බන්දව අපගේ පුද්ගලික හා සාමූහික යුතුකම ගෝලීය වශයෙන් දැනුවත් කිරීම සිදුකරනු ලබයි. අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවයන් ජීවනෝපායන් සහ වත්මන් තත්ත්වය සලකා බලා සාගරයේ යහපැවැත්ම උදෙසා විවිධ වූ තීන්දු තීරණ එලඹීම මෙන්ම සාගරයේ ආරක්ෂාව උදෙසා ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම දැනුවත් කිරීමටද මෙම අවස්ථාව යොදාගනියි.
ලෝක සාගර දිනයේ ඉතිහාසය 1992 වර්ෂයටම දිවයයි. 1992 දී කැනඩාව විසින් පෘථිවි සමුළුවේදී ලෝක සාගර දිනයක් පිළිබද සංකල්පයක් යෝජනා කරයි. ඒ අනුව ගොස් දසවසරකට පසු 2002 වර්ෂයේදී සාගර ව්‍යාප්තිය , ලෝක සාගර දිනය ගෝලීය ප්‍රවර්ධනය සහ සම්බන්ධීකරණය ආරම්භ කරයි. ඉන්පසු 2008 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි අටවන දින ලෝක සාගර දිනය ලෙස නිල වශයෙන් පිලිගනී. එතැන් පටන් සෑම වසරකම ජුනි අට යනු සාගරයට කැපවූ දිනයකි තවද මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් වී 2016 වර්ෂයේදී ලෝක සාගර දිනය හා බැදුනු තරුණ උපදේශන සභාවක් ආරම්භ කරන ලදි.
ලෝක සාගර දින තරුණ උපදේශන කවුන්සිලය නිර්මාණය කරල ලද්දේ ලොව පුරා විසිරී තරුණයන් මෙම වැඩසටහනට සම්බන්ද කරගැනීමේ අදිටනින්ය. ඔවුන්ගේ පරමාර්ථය වනුයේ අප සියල්ලන්ම පවත්වාගන යන සෞඛ්‍ය සම්පන්න සාගරයක් සහිත යහපත් අනාගතයක් සදහා අපගේ දැක්ම සහ ක්‍රියාවන් හැඩගස්වාගැනීමට උපකාර වන ගෝලීය නායකයන්ගේ ජාලයක් වීමයි.
2020 එනම් මේ වසරේදී නිල් ග්‍රහලොවේ සාගර දින තේමාව වනුයේ ” තිරසාර සාගරයක් සදහා නව්‍යකරණය ” යන්නයි. ඒ පදනම මූලික කොට මෙම මස පුරාවටම සහ ඉන් නොනැවතී ඉදිරි වසර පුරාවටම සාගරය මූලික කොට විවිධ ක්‍රියාකාරකම් මේ වනවිටද සංවිධානය වී ඇත. සමුද්‍ර ජීවි විවිධත්වය , සමුද්‍ර පරිසරය සහ තිරසාර සංවර්ධනය , දේශගුණික විපර්යාස බලපෑම සහ කලාපීය හා ජාත්‍යන්තර සහයෝගීතාව ආදී ලෙස විවිධ තේමාවන් ඔස්සේ මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ලොව පුරාම විසිරී සිටින සමුද්‍ර විද්‍යාඥයන් , විද්‍යා මධ්‍යස්ථාන පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාව සහ රාජ්‍ය ආයතන මේ සියලු වැඩසටහන් වලට අවශ්‍ය ශ්‍රම, මූල්‍ය සහ දැනුම දායකත්වය සපයයි.

මෙම වසරේ ලෝක සාගර දිනය සැමරීමට බොහෝ දෙනෙකුට වෙරළට යාමට නොහැකි වනු ඇත . එමනිසා තාක්ෂණය උපයෝගී කරගන දේශනමාලාවන් , සිත්තම් වැඩසටහන් අන්තර්ජාලය හා ක්‍රියාත්මක කිරීමට සුදානම් කර ඇත. පොලිතින්, ප්ලාස්ටික සාගර දූෂණය අවම කිරීම, සාගරය හා ක්ෂීරපායි ජීවී පැවැත්ම, 2030 වසර වන විට සාගරයෙන් සියයට තිහක ප්‍රමාණයක් ආරක්ෂා කරගැනීමේ අභිලාෂයට මූලික අඩිතාලම ජුනි 8 වනිදා ඕෂන් යුනියිට් සංවිධානය සහ යුරෝපා සංගමයේ පරිසර සාගර හා ධීවර කොමසාරිස් විසින් සම සත්කාරයෙන් ආරම්භ කිරීමටද කටයුතු සුදානම් කර ඇත.
ලෝකයට බලපෑම් කලහැකි පුද්ගලයන් රාශියකගේ දායකත්ව මෙවර ද ලෝක සාගර දින වැඩසටහන් ජාලයට එක්වී ඇත. ඔවුන්ගේ අදහසට අනුව අප ජිවත්වන නිල් ග්‍රහලොවේ සාගරය ආරක්ෂා කිරීම අපගේ අනිවාර්ය යුතුකමකි. මේ සියලු කර්තව්‍යයන් හා සම්බන්ද වීමට ඔබටත් හැකිය. https://unworldoceansday.org මෙම වෙබ් අඩවිය ඔස්සේ ලෝක සාගර දිනය හා සම්බන්ද ඉසව් වලට සම්බන්දවීමට මෙන්ම විවිධ ඉසව් සංවිධානය කිරීමටද පහසුකම් සලසා ඇත. ඔබත් සාගරය පිළිබද උනන්දුවක් දක්වන අයෙක් නම් ඔබගේ දායක්තවය සැපයිය හැක.
සාගරය යනු කුතුහලයෙන් පිරුණු ජීවයෙන් සපිරි එබී බලන්නට හදවතට ආසා හිතෙන රහස් ගොන්නක් සගවාගන නිහඩවම හුස්මලන පෘථිවියේ ආරම්භයටම සාක්ෂි දරන පරිසර පද්ධතියකි. අරුමැසි තැන් ඇති ම, කන පිනවන නාද රටා, ඇස් පිනව සිත්තම් රටා සජීවීවි දිස්වන හිත හිරිවට්ටන දසුනින් මන පිනවන මේ පරිසර පද්ධතිය ලොවපුරාම පැතිරී ඇත. මේ සම්පත රැකගන අනාගත පරපුරට මේ අයුරින්ම ලබාදීම වත්මන් පරම්පරාවට පැවරේ.
සාගරය ජීවයේ එක් ප්‍රධාන සාධකයකි. නිල් ලොවේ පැවැත්ම නීල යෝධයා මත රදා පවතී. එබැවින් මේ නීල යෝධයා රැකගැනීම ඇත්තෙන්ම අප සියලු දෙනාගෙම වගකීමකි යුතුකමකි. ඔබ මිහිමත නිදහසේ හුස්ම ගන්නා අයෙක් නම් අද සිටම තම යුතුකම ඉටු කරන්න.
References link
https://worldoceansday.org
https://unworldoceansday.org
Image source
https://unworldoceansday.org/2020
Leave a Comment